පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (13) ගංගාරාමයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
ඉලෝන් මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.
2024 අගෝස්තු 12 වැනිදා සිට මෙම බලපත්‍රය ක්‍රියාත්මකයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්ෂයට එක් වී ඇති බවයි වාර්තා වන්නේ.
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් (14) අවසන් වනවා.
ඒ අනුව හෙට පස්වරු 12.00 න් පසුව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වනු ඇති.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙය වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂකයන් 32ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි.
සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වනවා.


තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් 17 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ මව චෝදනා කරන්නේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමටද උත්සාහ කළ බවයි.
තණමල්විල ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එම සිසුවා, මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර ඇති බවයි විමර්ශවලදී අනාවරණය වී ඇථ්තේ.
අනතුරුව එම නිවෙසේ සිටි තවත් සිසුන් කිහිපදෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය හා දූෂණය කර එය වීඩියෝගත කර තිබෙනවා.
එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
දැරිය අපයෝජනය කිරීම සඳහා එම පාසලේම සිසුන් 17 දෙනෙක් එක් වී තිබෙනවා.
පසුගියදා කිරිඳි ඔය අසලදී ද මෙම දැරිය අදාළ සිසුන් කිහිපදෙනා සමූහ ශූෂණයට ලක් කර තිබෙනවා.
එම අවස්ඨ්Hආවේදී ද මෙම සිසුනෙය වීඩියෝගත කර තිබූ අතර පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබූ බවයි වාර්තා වන්නේ.
විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාළ සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක් ද සැකකරුවන් අතර සිටීම සහ එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වීම හේතුවෙන් සිද්ධිය විදුහල්පතිවරයා විසින් යට ගසා තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අපයෝජනයට ලක් වූ දැරිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණ විය.
මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරගවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට හා දූෂණයට ලක් කර තිබෙන බවයි දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.
සිද්ධිය යටපත් කළ විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17 දෙනෙක් සහ ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙසයි.
ඊට අමතරව තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අලි සබ්රි මහතා දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න පවසන්නේ.