2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 ක් විසින් සහතික වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ලේ හමුවක් පැවැත්වුණා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වූ ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව ද සඳහන් කළේය.
ආයෝජන මණ්ඩලය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත මෙම වසරේ ලබාදී ඇති ආයෝජන ඉලක්කය ඩොලර් බිලියන එකක් වනවා. මේ වන විට ඩොලර් මිලියන 800ක ආයෝජන රටට පැමිණ තිබෙනවා. නමුත් මේ වසරේ අවසානය වන විට අප ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් සඳහා ගමන් කළ හැකි බවට අප විශ්වාස කරනවා. 2024 වර්ෂය වෙනුවෙන් ව්‍යාපෘති 35ක් සඳහා ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රදේශ රැසක ආයෝජන අවස්ථා ඇති කර තිබෙනවා. නමුත් මැතිවරණය ආරම්භ වීම නිසා ආයෝජනවල යම් අඩුවක් සිදුවිය හැකි බව අප විශ්වාස කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි.
ඒ වගේම නව ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ආර්ථික කොමිසම හරහා බව සඳහන් කළ යුතුයි. එහි සාමාජිකයන් විසින් ඊට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමට නියමිතයි. ඒ වගේම ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම ඉතා කෙටි කලකින් සිදු කරන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.
අප විසින් අලුතින් ආරම්භ කළ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (Office of International Trade) මඟින් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා බදු රහිතව අපනයන ඉහළ නැංවීම සඳහා අවස්ථාව හිමිවන බව ද සඳහන් කළ යුතුයි.
ඒ වගේම පෝට්සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක් අවසන් කර තිබෙනවා. ඒ වෙත ජල විදුලිය සැපයීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපායමාර්ගික වැදගත්කම (ඹුසිනෙස්ස් ස්ට්රටෙගිc ඓම්පොර්ටන්cඒ පනත යටතේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා අයදුම්කරුවන් විසින් තම ව්‍යාපෘති වාර්තාව පෝට්සිටි කොමිසම වෙත ලබාදිය යුතු වනවා. මේ වන විට ඹ්Sඓ විස්සකට අධික ප්‍රමාණයක් අප විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. තවත් ඹ්Sඓ පනහක් පමණ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවද මේ මොහොතේ ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිනවා. දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බව සිහිපත් කළ යුතුයි. මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බව ග්‍රීසිය සහ ලෙබනනය ඇතුළු වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනවා.
මීට වසර දෙකකට පෙර වැටුණු රට ගොඩ ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. එහිදී අපේ යෝජනාව වුණේ දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඒ සඳහා ඔහුට අවස්ථාව ලාබාදිය යුතු බවයි. අපි ඒ බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා සිටියා. එම තෝරා පත්කර ගැනීම නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම මේ මොහොතේ යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව සඳහන් කළ යුතුයි.
ශ්‍රී ලංකාව අද වන විට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි රටක් ලෙස පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කැස්බෑව ආසනයේ ප්‍රජාශාලා නවීකරණය කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය කාලයේ ලෝකයේ රටවල් අපේ රට සමග ගණුදෙනු නොකළ ද අද වන විට එම තත්ත්වය වෙනස් කිරීමට හැකිවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
දේශීය වෙළදපොළේ බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා යළි බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් ඉලක්ක කර ගනිමින් වෙළෙදපොලේ බිත්තර මිල ස්ථායීව පවත්වාගෙන යාම සදහා බිත්තර ආනයනය කළ යුතු බවට යෝජනා කර තිබුණා.
ඒ අනුව වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙනාගෙන් 79 ක් රැස්වීමට එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවට සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු විරුද්ධ වුණා.
පොහොට්ටුව විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.