හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට වසර 25ක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (29) නියෝග කළා.
ඒ 2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරමින්.
විත්තිකරුවන්ට එරෙහිව කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය දෙනු ලැබුවා.
නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කරනු ලැබුවා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.
Maduka
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙන බවයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (24) රාත්‍රියේ රුසියාව විසින් එල්ල කළ මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වුවත් රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය වෘත්තිය ක්‍රියාමාර්ගයක එළැඹීමට තීරණය කර තිබෙනවා.
ඒ සිය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබා නොදීම හේතුවෙන්.
ඔවුන් පවසන්නේ සිය ගැටලු සඳහා හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරණ සිසුන් සෞඛ්‍ය වෘත්තීන් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාව පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ජපානය අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙහි පළමු ස්ථානය ඇමරිකාව, දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජර්මනියට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලි ලත්, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන එනු ලැබුවා.
දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
කලක් රෝගාතුරව පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය පසුගියදා (23) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක සඳහන් කළේ අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඨ්56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඒ අනුව දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර ඔහුට ප්‍රතිකාර ලබා දිය යුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සම්බුද්ධ තෙමගුල නිමිති කොටගෙන New Six Cricket Club France සහ මිතුරු කැළ එක්ව ප්‍රථම වරට සංවිධානය කළ මහා බත් දන්සල පසුගිය මැයි 18 වැනිදා පැවැත්වුණා.
පැරිස් සමාධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය සුමංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංඝයා වහන්සේලාගේ දහවල් දානය සහ පූජක තුමන්ගේ දහවල් දානය පූජා කිරීමෙන් ඇරඹි දන්සල ගිහි පැවිදි සියලුම දෙනාගේ සහයෝගයෙන් ඉතා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
චන්ද්‍රානී කේටරින් ආයතනය විසින් මෙම දන්සල සඳහා ඉතා ප්‍රනීතව, පිරිසිදුව සහ සාධාරණ මිලකට ආහාර ලබා දී තිබූ අතර එදිනව සවස් යාමයේ ‘මුතුහර’ ළමා සමාජයේ දුවා දරුවන් සහ පැරිස් සමාධි දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කළ භක්ති ගීත ගායනය ද පැමිණසිටි සියලුම දෙනාගේ සිත් සුවපත් කිරීමට සමත් වුණා.
මේ සඳහා ඉතාම කෙටි කාලයක් තුළදී දරුවන් සම්බන්ධ කර ගනිමින්, ඉතා වෙහෙස මහන්සියෙන් තමන්ගේ කාලය කැප කරමින් මෙම වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, නිමාලි මහත්මිය, මුතුහර ළමා සමාජයේ මනෝජා මහත්මිය සහ එම දරුවන්ට සංගීතය ඉගැන්වීමට නිරෝෂා මහත්මිය මහත් දායකත්වයක් ලබාදුන්නා.
සනත් කාරියවසම් මහතා සහ එම මහත්මිය, විමල් බණ්ඩාර මහතා සහ මහත්මිය, ක්‍රිශානි මහත්මිය, සචි මහත්මිය, වානී මහත්මිය, වත්සලා මහත්මිය, හෂිනි මෙනවිය, කනිෂ්කා මහත්මිය, ලක්මාල් මහතා සහ අසංක මහතා විසින් සංඝයා වහසේලා උදෙසා දානය පිළියෙළ කර තිබුනා.
තවද දන්සලට පැමිණි සැදැහැවත් ජනතාව සඳහා අතුරුපස ලබාදීමට අසංක හදුන්නෙත්ති මහතා හා මලික් මහතා ප්‍රවාහන පහසුකම් සඳහා දායකත්වය ලබාදුන්නා.

































හෙට (25) දිනයේදී කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
කොළඹ 1 සිට 15 දක්වාත්, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.