දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන් පැවසුවේ හෙට (30) මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
Maduka
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ , ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (29) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් මේ වන විට ඇය ප්‍රකාශය ලබා දී ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට වසර 25ක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (29) නියෝග කළා.
ඒ 2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරමින්.
විත්තිකරුවන්ට එරෙහිව කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය දෙනු ලැබුවා.
නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කරනු ලැබුවා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙන බවයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (24) රාත්‍රියේ රුසියාව විසින් එල්ල කළ මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වුවත් රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය වෘත්තිය ක්‍රියාමාර්ගයක එළැඹීමට තීරණය කර තිබෙනවා.
ඒ සිය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබා නොදීම හේතුවෙන්.
ඔවුන් පවසන්නේ සිය ගැටලු සඳහා හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරණ සිසුන් සෞඛ්‍ය වෘත්තීන් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාව පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ජපානය අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙහි පළමු ස්ථානය ඇමරිකාව, දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජර්මනියට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලි ලත්, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන එනු ලැබුවා.
දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
කලක් රෝගාතුරව පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය පසුගියදා (23) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතයි.




