මහදවල් වෙඩි තබන වීඩියෝව තමන් දුටු බවත්, එය හරියට චිකාගෝ මෙන් බවත් ක්ලබ් වසන්ත මරා දැමූ ස්ථානයේ පරීක්ෂණ සදහා පැමිණි මහේස්ත්‍රාත්වරයා සදහන් කර සිටියේය.(Sri Lanka Latest News)
Maduka
කවුරු අධිකරණයට ගිය ද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (ජූලි 6) පැවසීය.
අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බවට ඇතැම් අය ප්‍රකාශ කරන නමුත් රජය පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට දැනට තීරණය කර තිබෙන බව ද හෙතෙම කීය.
හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවසේ පැවති අවමංගල්‍ය උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් පොලිස් බලතල නොමැතිව අනෙක් බලතල ගණනාවක් මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරු සමග සාකච්ඡා කරන බව ද ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කළේ, බයකට නොවන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අනුව, තම පක්ෂය ජනාධිපතිවරයාට ණයක් නැති බව පැවැසූ හෙතෙම ජනාධිපතිවරයාට අද දක්වා ලබා දුන් සහයෝගය ඉදිරියටත් දක්වන බව සඳහන් කළේ ය.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවයට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
“මේ උත්සවයේ මනමාලයා වන්නේ රත්තරන් හදවතක් තිබෙන රෝහිත අබේගුණවර්ධන මහතා ය. රෝහිත පැවැරූ කාර්යය ඉතා හොඳින් ඉටු කළ නායකයෙක්. රෝහිත පක්ෂය නිර්මාණය කළ දා සිට ජය සහ පරාජයන්වලදී පෙරමුණ ගෙන කටයුතු කළා. පොදු ජන පෙරමුණ ඉදිරියට ගෙන යෑමේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබෙන ශක්තිය මෙන් ම රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කරද්දී ජනපතිට අප උදවු කළේ කිසියම් බයකට නොවේ. අප ඔබට ණයක් නැහැ.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 8) නියෝග කර තිබේ.
ඊට අදාළ නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට එහිදී පෙත්සම්කරුට නියෝග කර ඇත.
සී.ඩී. ලේනව නමැති ව්‍යාපාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත් කරන ලද පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ. මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඇතුළත් වූහ.
රටේ සමස්ත ජනතාවගේ ම ප්රජාතන්ත්රවාදී අයිතීන් තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුව පිළිබඳ යොමු විය යුතු ජනතා අවධානය වෙනස් කරමින් ක්ලබ් වසන්ත නම් පුද්ගලයා ඝාතනය කිරීම පිළිබඳ පුවත පිළිබඳව විවිධ ප්‍රචාර දියත් කරමින් සිටී.
මෙය සමාජ මාධ්‍ය තුළ මෙන් ම, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද එක සේ සිදු කෙරෙන බව නිරීක්ෂණය වේ. මේ පුද්ගලයා ඝාතනය වීමට පෙර ඇසුරු කළ පුද්ගලයන්, සිදු කළ ප්‍රකාශ සහ ඔහුගේ ම වීඩියෝ ඇතුළු විවිධ කරුණු උපයෝගී කර ගනිමින් ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දී ඇත. එහෙත් අවම වශයෙන් එම ප්‍රචාර අතර මෙරට මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැල්ල වේගයෙන් ඉහළ යාම පිළිබඳව සමාජයේ අවධානය යොමු නොකිරීම විශේෂත්වයකි.
මේ ආකාරයෙන් එම ඝාතනය පිළිබඳ ප්‍රචාර තුළ ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉවත දැමීම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්රවෘත්ති විකාශනවල පවා ලබා දී නොතිබිණි. තීරණාත්මක ජනාධිපතිවරණය අබිමුවට පැමිණ සිටින අවස්ථාවක කුමන්ත්රණකාරී ව ඉදිරිපත් කළ ව්‍යාජ පෙත්සම අධිකරණය හමුවේ මුළුමනින් ම පරාජයට පත් විය.
2024 LPL තරඟාවලියේ මහනුවර ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට රුපියල් ලක්ෂ 11ක දඩයක් පනවා ඇති බව වාර්තා වනවා.
තරඟ කමිටුව පවසන්නේ LPL තරඟයේ ඇඳුම් පැළඳුම්වලට අදාළ නීති කඩ කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය නියම කර ඇති බවයි.
තරඟයට සහභාගී වන සියලුම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කණ්ඩායම්වල ඇඳුම් ලබාදී තිබුණද වනිඳු වෙනත් ලාංඡනයක් සහිත හිස්වැසුමක් පැළඳ පිටියට පැමිණීම හේතුවෙන් ඔහුට මෙම දඩය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි ව්‍යවස්ථාදායක මැතිවරණයක් ඉල්ලා සිටියේ අන්ත දක්ෂිනාංශය ජූනි මාසයේ යුරෝපීය පාර්ලිමේන්තුව සඳහා වූ මැතිවරනයේදී ඔහුගේ මධ්‍යවාදී සන්ධානය පරාජය කිරීමෙන් පසුවය.
ප්‍රංශ ඡන්දදායකයින් ජූලි 7 ඉරිදා, Assemblee Nationale හි ඉතිරි සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා නැවත ඡන්ද පොළට පැමිණියහ. පළමු වටයේදී තේරී පත් වූ සංඛ්‍යාව 76ක් සමඟ, ජූනි 30 වැනිදා, දෙවැනි වටයේදී ආසන 501ක් පිරවීමට නියමිතව තිබුණි. අපේක්ෂකයින් පළමු වටයේ තේරී පත්වීමට 50% ට වැඩි ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, ඔවුන්ගේ ලකුණු 50% ට අඩු වුවද, දෙවැනි වටයේ දී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා තේරී පත් වේ.

ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් ඇටල් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් දිනාගැනීමට තම පාලක පක්ෂය අපොහොසත් වීමෙන් පසු සඳුදා සිය ඉල්ලා අස්වීම ජනාධිපති එමානුවෙල් මැක්රොන්ට ඉදිරිපත් කරන බවයි.
මෙවර (2024) ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
එහ් කටයුතු මේ වනවිටත් අවසන් අධියරේ පසුවන බවද පැවසේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන 17 වෙනිදායින් පසුව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් ඉන් පසු නියමිත කාලය තුළ නාමයෝජනා කැඳවන බවත් මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබිණි.