ලිට්රෝ සමාගම විසින් අද (02) දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි.
එහි සභාපති මුදිත පීරිස් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි.
තමා රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුව බවත් අයිස් කන්දට බිය වී කපිතාන්වරු සියලුදෙනා පැනගිය පසු තමාට භාරදුන් ටයිටැනික් නැව තමා ප්‍රවේසමෙන් වරායට ගෙන ආ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.
රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී අද (01) උදෑසන බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත් කර ඇති තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 07ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.
ඒ අනුව දැනට අරාබි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වෙත වහාම ගොඩබිම වෙත හෝ ආරක්ෂිත ස්ථානයක වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වන ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වුණා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ (30) ඔහු මිය ගොස් තිබෙනවා.
මහජන ගෞරවය සඳහා ඔහුගේ දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර උපහාර දැක්වීමට නියමිතයි.
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 344ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 379ක්.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 355ක් ලෙසයි.
කෙසේනමුත් නව මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් කර නැහැ.
ඉරිදා ප්‍රංශ ව්‍යවස්ථාදායක මැතිවරනයේ පළමු වටයේ ඡන්ද විමසීම් අවසන් වීමෙන් පසුව නිකුත් කරන ලද ප්‍රතිඵල වල ප්‍රංශ ඡන්දදායකයින් ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ මධ්‍යවාදී සන්ධානය බිඳ දැමා අන්ත දක්ෂිනාංශයේ අපේක්ෂාවන් ඉහළ නංවා ඇති බවක් පෙනෙන්නට තිබුණි.
මේ වන විටත් Marine Le Pen සහ ඇයගේ අනුගාමිකයෙකු වන Jordan Bardella විසින් මෙහෙයවන ලද අන්ත දක්ෂිනාංශික ජාතික රැලිය ජාතික ඡන්දවලින් සියයට 34ක් ලබා ගනිමින් ඉහලම ස්ථානය ලබා ගෙන ඇත

වැඩබලන නව නීතිපතිවරයා හෙට (01) අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට දිනයේ දිවුරුම් දෙනු ඇති.
එතෙක් නීතිපති ධුරයේ කටයුතු කළ සංජය රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වැනිදා අවසන් වුණා.
චීනය, හොංකොං සහ මැකාවෝ රාජ්‍යය වෙත ගමන් නොකරන ලෙස තායිවානය සිය පුරවැසියන්ට උපදෙස් දී තිබේ.
ඒ, තායිවානයේ ස්වාධීනත්වය සඳහා ආධාර කරන්නන්ට චීනය විනිස් ජීවිත තර්ජන එල්ල කළ බවට පැවසෙන් සිද්ධීයෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවානය මෙතෙක් එම රටවල සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කර නොමැත.
එහෙත් දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ චීන බලධාරීන් විසින් රඳවා තබා ගැනීමට හෝ නඩු පැවරීමට තුඩු දිය හැකි ක්‍රියාකාරකම්වල යෙදීමට එරෙහිව පුරවැසියන්ට උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.