පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන ඉන්ධන කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ දක්වා පාර්ලිමේන්තු මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම සිදුකරනු ලැබූ අතර මෙම නව චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220ක් පමණි.
එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය හ සමාන වන අතර මීට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර තිබෙනවා.
සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන්.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පරිභෝජනනය කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා තීරණයක් ගනු ලැබුවා.
ඒ අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
Maduka
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්රදානය කෙරෙන බවයි.
දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද ඒ අනුව අහෝසි කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය ද මේ අනුව අහෝසි කිරීමට නියමිතයි.
මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 ක්, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතයි.
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා.
තලේබාන් රජය විසින් මෙම තහනම පනවා ඇති අතර මීට පෙර තලේබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවා.
කෙසේනමුත් මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසන්නේ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ චතුරංග ක්‍රීඩාව සූදුවේ ආකාරයක් ලෙස සැලකෙන බවත් මෙම විරෝධතා විසඳෙන තුරු ඇෆ්ගනිස්තානයේ මෙම ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත්ය.
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරියේදී තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ ඉහළ නිලධාරින් ඉල්ලා ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගත් අතර ඊට දින කිහිපයකට පසුව කෝලි මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි.
මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර සුපිරි වෙළෙඳසැල්වල ද මස් මාංශ අලෙවි කිරීම ද තහනම් වනවා.
ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙනවා.
ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ‘කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු’ යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බවයි.
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තරගය තාක්ෂණික දෝශයක් නිසා අතරමග නතර කිරීමට සිදු වීමත් සමඟ තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
තරගය පැවති ක්‍රීඩාංගණයට ඩෝන ප්‍රහාර එල්ල විය හැකි යැයි සැක කෙරෙන කලාපයට මීටර් 100ක් දුරින් පිහිටා තිබුනත් අවදානමක් ගැනීමට නොහැකි නිසා තරගය අත්හිටවූ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ.
ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ඇය සහ ඇගේ සැමියා විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්.
මෙම ගුරුවරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙහි ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර ඇත්තේ.
Britain’s King Charles and heir to the throne Prince William laid wreaths in Westminster Abbey on Thursday at the culmination of the country’s four days of commemorations to mark the 80th anniversary of Victory in Europe Day.
The thanksgiving service in the Abbey began with a two-minute silence, which was also observed across the country, to remember Nazi Germany’s unconditional surrender, which took effect on May 8, 1945.
Charles and William, military medals pinned on their chest and standing beside elderly veterans in wheelchairs, laid wreaths at the the Grave of the Unknown Warrior, in a show of respect for those who gave their lives in World War Two.
The anniversary, which comes at a time of ongoing conflict in Europe with Russia’s war in Ukraine, was also marked with events in France and Germany, while Moscow will hold a major military parade on Friday.
Speaking at a defense conference in London on Thursday, British Prime Minister Keir Starmer called the day a celebration of defiance, sacrifice and courage.
“A victory not just for Britain but for good against the assembled forces of hatred, tyranny and evil,” he said.
In Moscow, Russian President Vladimir Putin spoke of the “sacred” victory over Adolf Hitler, and said his country was standing against “neo-Nazism,” a characterisation of the current conflict in Ukraine that is strongly rejected by Kyiv.
Putin was holding talks with Chinese President Xi Jinping, who is joining Russia’s celebrations.
French President Emmanuel Macron was due to lay a wreath at the statue of French wartime hero Charles de Gaulle in Paris and inspect a troop parade at the Arc de Triomphe. Dozens of World War Two-era vehicles will also parade down the Champs-Elysees avenue.
අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබෙනවා.
දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් තෝරා පත්කර ගනු ලැබුවා.
69 වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වීම විශේෂත්වයක්. ඒ අනුව උන් වහන්සේ 14 වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර තිබෙනවා.
ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.