අනිද්දා (11) දිනයේදී පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය, ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම මෙන්ම වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.
ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසකට ජල සැපයුම අත්හිටුවේ.
Local
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
ආයතන සංග්‍රහයට පිටින් යමින් 2024 මහ මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී තරඟ කිරීම හේතුවෙනුයි ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ.
ඒ අනුව හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.
අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (9) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු වීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් .එස් මොහාන්ලාල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ සිට එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
පොලිස් අධිකාරී ලෙස ඒ.එස්.කේ බණ්ඩාර අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත මාරු කර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පසුගිය දින කිහිපය පුරාවට මහත් ආන්දෝලනයකට තුඩුදුන් බහාලුම් 323 තුළ ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රත්රන් රැගෙන නොගිය බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් රේගු අධිකාරිය පවසන්නේ ආනයනකරුවන් විසින් සපයන ලද ලියකියවිලිවල ප්‍රකාශ කර ඇති පරිදි කාර්මික භාණ්ඩ සහ අමුද්‍රව්‍ය පමණක් රැගෙන ගිය බැවින් එම බහාලුම් නිදහස් කළ බවයි.
මේ එම කන්ටේනර් 323 තිබුණේ මොනවාද යන්න සම්පූර්ණ වාර්තාවයි.









ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා බලඇණිය තව දුරටත් පුළුල් කරමින් A330-200 පුළුල් බද සහිත යානය අද (04) දිවයිනට පැමිණියා.
මෙම යානය අද (04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට පැමිණි අතර ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කරනු ලැබුවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර 7 කට පසු ලබාගත් මුල්ම Wide-body වර්ගයේ ගුවන් යානය මෙය වීම විශේෂත්වයක්.
මෙම ගුවන් යානයත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතිනවා.
පසුගිය අප්‍රේල් මාසයේ අවසන් වරට ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ නැංවුණා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ.
නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරීම වැඩි කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.
නව කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන් පැවසුවේ හෙට (30) මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.