Archbishop of Colombo, Cardinal Malcolm Ranjith, participated in a dana ceremony held at the Holy Spirit Church in Kochchikade in observance of Christmas Day. Cardinal Malcolm Ranjith also shared a meal with the attendees, sitting among them. Pix by Nisal Baduge Daily Mirror
Local
පානදුර කුඩු සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර නියෝග කර තිබේ.
එකී ශරීර ඇප වලට අමතරව විදේශ ගමන් තහනමක් නිකුත් කල අතර , කටුනායක සහ මත්තල ගුවන් තොටුපල අධිකාරී වරුන්ට සහ ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කිරීම සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටීම, නඩුවේ වින්දිත පාර්ශවයට හෝ සාක්කිකරුවන්ට බලපෑමක් නොකිරීම ඇතුළු දැඩි කොන්දේසි ගණනාවක් සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.
අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මිටියකින් ගසා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසු වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා එම ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔහු විවාහක කාන්තාවගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදී කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් නිවසේ සැඟව සිට මිටියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඊයේ (27) රාත්‍රියේ වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබුණා.
ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
පසුගියදා ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස තිබී හමු වු බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ බිළිඳිය උපන් විගස වයරකින් ගෙල සිර කර මෙම ඝාතනය කර ඇති බවයි.
ඉකුත් 10 වැනිදා එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයකින් දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව විසින් පරීක්ෂා කර බැලීමේදි ත්‍රීරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක තිබී මෙම බිළිඳියගේ සිරුර හමුවී තිබුණා.
සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ එය මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවයි.
ඒ අනුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙලොව එළිය දුටු බිළිඳිය මරා දැමූ බව ඇය පවසා තිබෙනවා.
තමන් සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළිඳිය මෙලොවට බිහි වූ බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළිඳියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමඟ ආගරපතන ප්‍රදේශයට පැමිණි බවයි සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද ඊට පෙර ත්‍රිරෝද රථ රියදුරාගේ මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වූ බවයි ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකාර රියදුරා අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (12) මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයෙන් (11) අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.
බන්ධනාගාරගත වූ රැඳවියන් 362 ක් අද (12) දිනයේදී නිදහස් කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෑසුවේ අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 දෙනෙක් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කරන බවයි.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමනු ලබනවා.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වනවා.
රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පසුගිය 4,5 සහ 6 යන දින ලබා දී තිබූ අතර එම දින තුනේදීම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද (12) ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින දෙක මැතිවරණ කොමිසම ලබාදුනා.
ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ ද තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.
එම මුදල උපයා ඇත්තේ මේ වසරේ ගෙවී ගිය මාස අටක කාලය තුළයි.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවෙ දැක්වෙන්නේ.
එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා තිබීම විශේෂත්වයක්.
එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත් මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැන වැඳීමෙන් ඵලක් නොමැති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.
පසුගියදා (24) නීතිඥ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ආපසු බොරු කළොත් රට වැටෙන බවත් මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යම මොහොතක් බැවින් තමා අපේක්ෂා කරන්නෙ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම බවත් ජනාධිපතිවරයා කියා සිටියා.
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ද ඊයේ පියවර ගනු ලැබුවා.