ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද(11) එරට ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතයි.
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ දිවයිනෙන් ජර්මනිය බලා පිටත්ව ගියා.
ඒ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම සංචාරයට එක්ව සිටිනවා.
News
හෙට (12) සිට විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මේ බව සඳහන් කළා.
ඒ අනුව ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති අතර ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබෙනවා.
අධිකරණය විසින් තමාට නියම කළ සිර දඬුවමට එරෙහිව හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට සිර දඬුවම් නියම වුණා.
උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
මහත් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල පැවසුවේ එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ පැවසුවා.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු උද ගම්මන්පිල අවධාරණය කළේ මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (09) ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මොහු අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අරගල සමයේ තම දේපළ විනාශ වූ බව පවසමින් චමල් රාජපක්ෂ මෙම මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද නියමිතයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණයෙන් තමාට නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිවයි.
2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුව තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා මෙලෙස ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බවයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී එරට ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් හමුවීමට නියමිතයි.
දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩගැනීම පිළිබඳව පාර්ශව රැසක් සමග ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබෙනවා.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව ඇත්තේ.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබා දී තිබෙනවා.
කෙසේනමුත් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
තානාපති සේවයේ පත්කිරීම් පිළිබඳව පසුගියදා සජබ මන්ත්‍රී නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නැගුවේය. ඔහු එහිදී විමසුවේ ද්විත්ව පුරවැසියන් තානාපති සේවයට පත්කර තියෙනවාද කියාය. මේ ප්‍රශ්නයට හරියට එක එල්ලේ උත්තරයක් නොදී ආණ්ඩුව කලුවරේ ජරමරේ ගානට වටේටම අතපතගාමින් දෙකට දෙවාරේ උත්තරයක් දුන්නේය. ඇත්ත වශයෙන්ම ද්විත්ව පුරවැසියන් පත්කර තිබෙනවාද නැද්ද යන්න ඒ තරම් ගැටලුවක් නොවේ.දවිත්ව පුරවැසියන් යනු ත්රස්තවාදීන් නොවේ. එහෙත් ප්රශ්නය ඇසූ කාරියප්පර් වරද්දා ගැනීමක් කර තිබේ. ඔහු කියන්නේ ද්විත්ව පුරවැසියන් කතානාපතිසේවයට පත්කළ විට ලැදියාවන් අතර ගැටලුවක් වන බවය.ඒ කතාව ඇත්තක් වන්නේ අදාල පුද්ගලයා පුරවැසිබව ලබා සිටින රටේ තානාපතිකම් කරනවානම් පමණි.අවශ්‍යනම් නිසාම් කාරියප්පර්ට වියානා සම්මුතිය කියවන ලෙස ආරාධනා කරමි. සමහරවිට එදා කාරියප්පර්ට උත්තරය දුන් ආණ්ඩුවේ ඇමතිවරයාද ඒක කියවලා තියෙනවා වන්වනට බැරිය. එහෙම කියවා තිබුණා නම් ඔහු නැවත මේ ප්රශ්නය නොඅසන මට්ටමට කාරියප්පර්ව පත් කරන්නට දෙපාරක් හිතන්නේ නැත. ඒ විතරක් නොවේ,කාරියප්පර්ලා ප්‍රශ්න කරන්නේ එක්සත් අරාබි එමීරයේ තානාපති පත්කිරීම ගැනය.එහි තානාපතිවරියට ඇය පත්කොට සිටින එමීර් රාජ්‍යයේ පුරවැසිකමක් නැත.මීට පෙර සිටි තානාපතිවරයාද දවිත්ව පුරවැසියෙකි. එඅද කාරියප්පර්ට ප්‍රශ්නයක් වී ඇති පත් කිරීම එදා ප්‍රශනයක් වුණේ නැත.
අදාල ප්‍රශ්නයට නිවැරදිව,හරි උත්තරය නොදී හතරවරම් අතඇර යාමේ රෝගය ආණ්ඩුව තවම සුවකරගෙන නැත.
කොටින්ම තානාපතිකම් පත් කිරීමේදී ආණ්ඩුව වරදක් කර නැත.කර ඇති එකම වරද කාරියප්පර්ලා සිටි ආණ්ඩුවල වගේ හිතවතුන්,දේශපාලන ඥාතීන්,අන්තේවාසිකයින් පත් නොකිරීමය.
විදේශ සේවය පිරිහීමට ඥාති සංග්‍රහය හා පාක්ෂික සංග්‍රහය හේතුවූ බව රහසක් නොවේ. සුදුසුකම් සැපිරූ පළපුරුදු නිලධාරින් සිටියදී රජ පවුලේ හා මැති ඇමති වරුන්ගේ සමීපතමයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා දරුවන් විදේශ සේවයේ යෙදවීම මෙයට බලපාන ප්‍රධානතම කාරණයකි. තානාපතිවරුන් පත්කිරීමේදි සෘජු ලෙස දේශපාලනයේ නියලූන, ඒ නිසා පත්වීම් ලද පස්දෙනෙක් සිටී. ඊට අයත් වන්නේ සරත් කෝන්ගහගේ (ජර්මනිය) ඔහු රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි, නාවලගේ බැනට් කුරේ (ඉතාලිය) ශී‍්‍ර.ල.නි.පයේ කොලොන්නාව හිටපු සංවිධායක, ෆේරියල් අෂ්රොෆ් (මහ කොමසාරිස් සිංගප්පූරුව) හිටපු ඇමතිනී, ගාමිණි රාජපක්ෂ (ජෝර්දානය) හිටපු එ.ජා.ප. මන්ත්‍රී, එච්. ආර්. පියසිරි (මියන්මාරය) එ.ජා.ප. හිටපු මන්ත්‍රී යන පස්දෙනාය. අවසානෙට නම් සඳහන් දෙදෙනා එ.ජා.ප.යෙන් කරණම් ගැසුවාට තානාපති ධූර ත්‍යාග ලෙසින් ලද දෙදෙනෙකි.රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඥාතීන් දෙදෙනෙකු සහ මිතුරන් තිදෙනකු තානාපතිවරුන් වශයෙන් දේශපාලන පත්වීම් ලැබුවේය. ඒ උදයංග වීරතුංග (රුසියාව) රාජපක්ෂ මස්සිනා, ජාලිය වික්‍රමසූරිය (වොෂිංටනය) රාජපක්ෂ මස්සිනා, ඩික්සන් දෑල (මහ කොමසාරිස් මාලදිවයින) දළදා මාළිගාවේ දියවඩන නිළමේගේ පියා සහ රාජපක්ෂ මිතුරා, ඒ. එස්. පී. ලියනගේ (නයිජීරියාව) දේපළ වෙළදාම් කරු සහ රාජපක්ෂ මිතුරා, ආචාර්ය ඉවෝන් අමරසිංහ (වියට්නාමය) රාජපක්ෂ මිතුරා ආදි වශයෙන්ය. බුද්ධි අතාවුද (නෙදර්ලන්තය) ඇමති අතාවුද සෙනවිරත්නගේ පුතා, ඖෂධී අලහප්පෙරුම (ස්විඩන්) ඇමති ඩලස් අලහප්පෙරුමගේ මල්ලි, බාරතී විජේරත්න (තුර්කිය) මිය ගිය නියෝජ්‍ය ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ ආදී තානාපති පත්වීම් ඇමති ඥාතින්ය.රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කොට සිටින තානාපතිවරුන් 49 ක් අතරින් විදෙස් සේවයට අයත් වන්නේ එකලොස් දෙනෙකු පමණි. (විශ්‍රාමලත් තිදෙනෙකි.) ඉතිරි සියල්ලම (35 දෙනාම) හුදු දේශපාලන පත්විම් පමණි. ඕස්ටේ්රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන 20 දෙනාගෙන් විදේශ සේවයේ එක් අයකු හැර ඉතිරි 19 දෙනාම දේශපාලන පත්වීම්ය. මෙලෙස වන තානාපති කාර්යාලයන් හි වෙනත් පත්වීම් අතර (ශ්‍රීමාල් වික්‍රමසිංහ නියෝජ්‍ය ප්‍රධානි ඔස්ටි්රයාව, ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා, ඩබ්ලිව්. කේ. එස්. දිසානායක අබුඩාබි තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාජපක්ෂ ඥාතිවරයා) රාජපක්ෂ ඥාතීන් දෙදෙනෙකි. තවද ඒ අතර ඇමති වරුන්ගේ දරුවෝ ( එච්. එන්.බී. රත්නායක දෙවන ලේකම් රුසියාව ඇමති සී.බී. රත්නායකගේ පුතා, හර්ෂන හේරත් දෙවන ලේකම්,සිංගප්පූරුව මහ ඇමති මහිපාල හේරත්ගේ පුතා, චමිත්‍රී රඹුක්වැල්ල, දෙවන ලේකම් නිව්යෝර්ක්, ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය, ඔසඳ යාපා අබේවර්ධන, පළමු ලේකම් මෙල්බර්න්, ඇමති ලක්ෂ්මන් යාපාගේ පුතා ද සිටිති.
රාජපක්ෂ යුගයේ තානාපති පත්කිරීම් එලෙස සිදුවනවිට හකීම්ලා, කාරියප්පර්ලාත් හිටියේ ඒ ආණ්ඩුවේ බලකණු විදිහටය.රාජපක්ෂගේ කොටේ අදින්නට ආ රනිල්ද මේ තත්තවය හොදින්ම කරගෙන ගියේය.පක්ෂ මාරු වීරයකු වන බෝගොල්ලාගම මුලින් යූඇන්පී කාරයෙකි. මෛත්‍රීපාල සිරිසේන පාලනය යටතේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර තනතුර ලබා ගැනීමට ද ඔහු සමත් විය.
විදේශ අමාත්‍යවරයාව සිටි බෝගොල්ලාගම විදෙස් සංචාරයන් සඳහා කුප්රසිද්ධියට පත් විය. බෝගොල්ලාගම යෙදුණු බ්‍රසීල නිල සංචාරය සඳහා රජයට ඇස්තමේන්තු ගත රු. මිලියන 5 කට රියෝ ද ජැනයිරෝ හි වෙරළ නිවාඩු නිකේතනවල නිවාඩුවක් ද ඇතුළත් විය.
එම ගමන සමඟම බෝගොල්ලාගම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට නියමිත වේලාවට ශ්‍රී ලංකා ජනාධිපති දූත පිරිසට එක්වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිතව තිබූ අතර අධික වියදම් සහිත නිව්යෝර්ක්හි රිට්ස්-කාල්ටන් හෝටලයේ නවාතැන් ගැනීමට සකස් කර ගෙන තිබුණි. නිල වශයෙන් වෙනම කාමර දෙකක් වෙන් කර තිබූ අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා එක කාමරයකට දැමූ බෝගොල්ලාගම ඉතිරි කාමරය සිය දියණියට සහ ඇයගේ සැමියාට ලබා දී දුන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. අමාත්‍යවරයාගේ දියණිය හෝ ඇයගේ සැමියා ශ්‍රී ලංකා නිල නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු නොවීය. ඔහු දූෂණයෙන් අගතැන් පැමිණ ඇත්තේ එලෙසය.
හෝටල් ලදු පතෙහි තම දියණියගේ සහ බෑණාගේ නම් සදහන් නොකරන සේ බොගොල්ලාගම හෝටලය සමඟ කතා කර ගෙන තිබුණි. වෙනත් ලෝක අගනගරවල සංචාරයන් හිදී ද එලෙසම කර ඇති බව 2008 වසරෙහිදී වාර්තා විය.
මේ වනාහී බෝගොල්ලාගම විදේශ රටවල නිල සංචාරවල යෙදී සිටියදී අධික වියදම් පිළිබඳ චෝදනාවලට මුහුණ දුන් එක් අවස්ථාවක් පමණි.
2010 එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර් වෙත ලියුමක් යවමින් සිය පුත්‍රයාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම දරුණූ විවේචනයන්ට ලක් කළේය. අද ඔහු ජීවතුන් අතර සිටියේ නම් රනිල් ගැන කුමක් සිතනු ඇත්ද?
මොස්කව්, නවදිල්ලිය සහ වොෂින්ටනය ඇතුළු වැදගත් අගනගරවල තානාපතිවරුන් වන්නේ දේශපාලන ගැත්තන්ය.
රෝමයේ තුන්වැනි අධිරාජයාගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස්ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ ‘‘කලිගියුලා’’ යන නමින්ය. කලිගියුලා කැමති වූයේ ‘මං පොර’ න්‍යායෙන් වැඩ කරන්නටය. මුළු භාණ්ඩාගාරයම තිබුණේ ඔහු යටතේය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.
ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලඳවීය. රනින් නිමකළ ලාඩම් පැලඳවීය. අශ්වයාගේ සම පැහැපත් කරගන්නට ඌට ලබාදෙන ධාන්‍යවල රන් ආලේපකර ලබා දුන්නේය.
අවසානයේ ‘‘ඉන්සිටේටස්’’ අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමානය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහුය.
මේ කතාව මීට වසර තුනකට පෙර ලියුවා නම් ඊට ආදේශ වන්නට තිබුණේ රෝමය වෙනුවට ‘ලංකාවය’.
තානාපති සේවය උලා කා දැමූ යුගයක් බවට ඒ යුගය පත්ව තිබිණි. ඒ දවස්වල කාරියප්පර්ලා පොල් පරාල දුටුවේ නැත. දැන් පොල්කෙඳි හොයයි. අවාසනාවට පොල් කෙඳිද නැත.