මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල අද (25) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී කැරට් 24 පවුමක් රුපියල් 336,000 දක්වාත්, කැරට් 22 පවුමක් රුපියල් 309,200 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි රන් ඹ්හාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ.
ගෝලීය රත්තරන්න් වෙළඳපොලේ තියුණු ඉහළ යාමක් හේතුවෙන් මෙම මිල වැඩිවීම සිදුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
News
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට ගංවතුර ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේතුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.
ඒ අනුව අද (25) සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද(11) එරට ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතයි.
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ දිවයිනෙන් ජර්මනිය බලා පිටත්ව ගියා.
ඒ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම සංචාරයට එක්ව සිටිනවා.
හෙට (12) සිට විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මේ බව සඳහන් කළා.
ඒ අනුව ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති අතර ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබෙනවා.
අධිකරණය විසින් තමාට නියම කළ සිර දඬුවමට එරෙහිව හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට සිර දඬුවම් නියම වුණා.
උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
මහත් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල පැවසුවේ එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ පැවසුවා.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු උද ගම්මන්පිල අවධාරණය කළේ මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (09) ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මොහු අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අරගල සමයේ තම දේපළ විනාශ වූ බව පවසමින් චමල් රාජපක්ෂ මෙම මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද නියමිතයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණයෙන් තමාට නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිවයි.
2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුව තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා මෙලෙස ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බවයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී එරට ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් හමුවීමට නියමිතයි.
දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩගැනීම පිළිබඳව පාර්ශව රැසක් සමග ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.