ජනාධිපති අනුර දිසානායක අද (24) පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
News
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.
ආචාර්ය හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධුරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, ආයෝජන අමාත්‍ය ධුරද පවරා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස හරිනි අමරසූරිය අද ඉතිහාසයට එක් වුණා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර සිය විෂය පථය තුළ ඇගයිය යුතු මට්ටමේ පර්යේෂණ රාශියක් ද සිදු කළ කාන්තාවක් වීම විශේෂත්වයක්.
පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.
ආහාර විෂ වීමක් හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
රෝගී වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මෙම උපදෙස් නොසලකා මත්පැන් අලෙවි කරන අයට එරෙහිව නෛතික පියවර ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සන්දහන් කරන්නේ.
කෙසේනමුත් බලපත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථානයන්හි නේවාසික සංචාරකයන් සඳහා පමණක් මත්පැන් ලබා දීමේ හැකියාව පවතිනවා.
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.
එම මුදල උපයා ඇත්තේ මේ වසරේ ගෙවී ගිය මාස අටක කාලය තුළයි.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවෙ දැක්වෙන්නේ.
එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා තිබීම විශේෂත්වයක්.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු එම වන්දි මුදල වාරික 08ක් යටතේ පසුගිය අගෝස්තු මස 30 වැනිදා ගෙවා නිම කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු පසුගිය අගෝස්තු 16 වැනිදා ගෙවා අවසන් කර තිබුණා.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම අයෙක් සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකිනම් එක්ව කටයුතු කරන ලෙස තමා ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කළා.
සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර ලබා දී තිබෙනවා.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසන්නේ.
කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි මොහු මෙලෙස දිවුරුම් දී ඇත්තේ.
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට අද (03) මේ බව දැනුම් දුන්නා.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.