බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
කෙසේනමුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (01) සඳහන් කළේ ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 377ක් ලෙස දැක්වෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 307ක් ලෙසයි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 352ක් ලෙසයි.
මාසික මිල සූත්‍රයට අනුව මෙම මාසයේ දී ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වී ඇති නමුත් පෙර ආනයනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව ජූලි මස සිට අලෙවි වූ මිල ගණන් යටතේ ලිට්රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 3690කටයි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482කට අලෙවි කෙරෙනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.
සාමයේ පණිවිඩය රැගෙන ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 1500ක දුරක් පාගමනින් ගිය ශහීම් ෂහීඩ් නම් තරුණයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා.
ඒ ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ මාර්ග දිගේ 1500ඛ්ම් පාගමන දවස් 45කින් අවසන් කළ මේ තරුණයා පසුගියදා සිය ගමනාන්තය බේරුවලින් අවසන් කළා.
ඔහුගේ මෙම ගමනේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාව යනු සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීමට සුදුසු රටක් බව ලෝකයට පෙන්වීමයි.
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද (31) ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවීමට නියමිතයි.
කෙසේනමුත් පසුගිය ජූලි මාසයේදී රජය විසින් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළේ නැහැ.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි 30 වැනිදායි.
එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. ලීටරයක් 379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙස ද මිල නියම වුණා.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ (30) දිනය දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1526ක් ලැබී ඇති අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් වාර්තා වී තිබෙනවා.
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒඅ අනුව හෙට (01) සිට ලබන මස 31 වැනිදා දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මකයි.
මෙහිදී වලංගු වීසා නොමැතිව එරට රැඳි සිටින පුද්ගලයින්ට හා සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව රැකියාවන නියතු වුවන්ට දඩ මුදල් අය කිරීමකින් තොරව එරටින් බැහැර වීමට අවකාශ සැලසෙනු ඇති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට අදාළ කාලය තුළ විශේෂ සේවා ලබා දීම සඳහා ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම පොදු සමා කාලය යටතේ එරටින් පිටවීමට අපේක්ෂා කරන්නේ නම්, පිටවීමේ අවසර පත්‍රය ලබාගෙන දින 14ක් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත් විය යුතුයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැදී සිටින්නේ නම් මෙම පොදු සමා කාලය පිළිබදව ඔවුන් දැනුවත් කරන ලෙසයි.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ (30) පැවති මෙම හමුවේදී 2023 දෙසැම්බර් මස මොරිෂස් රාජ්‍යයේ පැවති හයවන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව, මාලදිවයින, මොරිෂස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව විසින් කොළඹ ආරක්ෂක පර්ෂද ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා ප්රඥප්තියට සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කොළඹ ආරක්ෂක පර්ෂදයේ ආරම්භක ලේඛන අත්සන් තැබීම සඳහායි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ.
එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමෙහිලා කොළඹ ආරක්ෂක පර්ෂදයේ වැදගත් කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආරම්භක ලේඛනවල වැදගත්කම ඉස්මතු කළේය.
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුතා වන නදීන් බාසික් නැමැත්තා අද (28) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ශිරාන් බාසික් හැඳින්වෙන්නේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙසයි.
ඔහුගේ පුත්‍රයා පසුගිය පෙබරවාරි මස 16 වැනිදා වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදු කළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියා.