සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීයි ඔහු මෙලෙස නාමයෝජනා පතයට අත්සන් තබා ඇත්තේ.
මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල සදහන් කළාය.
සමාජ මාධ්‍ය නියාමනයේදී මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගොස් අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කර තිබෙන බවද සදහන් කරයි.
“අපි විශේෂ අවධානයක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කියන සමාජ මාධ්‍යවලට යොමු කරලා තියනවා. අපි ඒ ආයතන සමග සෘජුව සම්බන්ධ වෙලා තියනවා. සමාජ මාධ්‍ය නියාමනයේදී අපි විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගිහිල්ලා අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කරලා තියනවා.”
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි අංශ වාර්තා අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පවසන ආකාරයට කාංජිපානි ඉම්රාන් සිටින තැන නිවැරදි නොවන බවත් පාතාල නායක කාංජිපානි ඉම්රාන් සිටින තැන මාධ්‍ය වෙත හෙළි නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව තිබෙනවා.
ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් දිනා ගනිමින් පදක්කම් 94ක් ලබා ගනිමිනි.
චීනය පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් පදක්කම් 65ක් ලබා ගෙන තිබෙනවා. ඒ අතර රන් පදක්කම් 25ක් රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ඇත.
ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ඇතුලු පදක්කම් 42ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයේ රැඳී සිටී.
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදැක්වීම අද (08) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙය ජනගත කෙරුණා.
එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සදහා සමගි ජන බලවේගයට සහය දක්වන පක්ෂ හා මන්ත්‍රීවරුන් එක්ව මෙම සන්ධානය ගොඩනගා තිබෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වනවිට අපේක්ෂකයින් 22 දෙනෙක් ඇප තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වැනිදා දහවල් 12.00න් අවසන් වීමට නියමිතයි.