ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ අද (07) නම් කළා.
අද (07) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති උත්සයකශී නාමල් රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගී වී සිටියේය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබෙනවා.
ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නිලධාරීන් පිරිසක් අද (06) ජාතික මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළා.
මේ අවස්ථාව සඳහා මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නා.
පුරප්පාඩු වූ කාරක සභා ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පත් කර තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතු බවයි.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසනවා.
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඇයට හා පවතින රටයට එරෙහිව එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ ඇයට මෙලෙට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේනමුත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය මේ වනවිට බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවයි.
මේ වනවිට ඇයගේ අගමැති නිල නිවසට විරෝධතාකරුවන් කඩා වැදී තිබෙනවා.
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන අයුරින් සිදු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
අස්වැසුම දෙවන අදියරට අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට යවන ලද චක්‍රලේඛනයේ සඳහන් කර ඇත්තේ මැතිවරණ කාල සීමාව තුළදී රජයේ ඉඩම් බෙදාදීම, රජයේ ඉඩම් හිමිකම් ඔප්පු හෝ නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්රදානය කිරීම්, වැවිලි කර්මාන්තය සඳහා හෝ වගා කටයුතු සඳහා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය, මුදල් හා විවිධ සහනාධාර, පොහොර, කෘෂි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, ස්වයං රැකියා සඳහා උපකරණ, පාපැදි, සූර්ය බල විදුලි පහන්, ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපෘති හා නිවාස ණය නිකුත් කිරීම, වන්දි මුදල් ප්රදානය වැනි වැඩසටහන් අත්හිටුවිය යුතු බවය.
ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් සතියේ ලිපියක් යොමු කරමින් කියා සිටියේ උරුමය ඔප්පු බෙදාදීම, අස්වැසුම සංගණන ආදී කටයුතු මැතිවරණ සමයේදීද සිදුකළ යුතු බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිඳ සමගි ජන බලවේගය හා එකතු වී තිබෙනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් දෙදෙනාගේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා.
හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා.
ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු ධුරය හොබවනු ලබනවා.
මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම මීට හේතු වී තිබෙනවා.
ඒ අනුව මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර ජනාධිපතිවරය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුළු සෙසු මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි.