හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබෙනවා.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව ඇත්තේ.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබා දී තිබෙනවා.
කෙසේනමුත් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
News
තානාපති සේවයේ පත්කිරීම් පිළිබඳව පසුගියදා සජබ මන්ත්‍රී නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නැගුවේය. ඔහු එහිදී විමසුවේ ද්විත්ව පුරවැසියන් තානාපති සේවයට පත්කර තියෙනවාද කියාය. මේ ප්‍රශ්නයට හරියට එක එල්ලේ උත්තරයක් නොදී ආණ්ඩුව කලුවරේ ජරමරේ ගානට වටේටම අතපතගාමින් දෙකට දෙවාරේ උත්තරයක් දුන්නේය. ඇත්ත වශයෙන්ම ද්විත්ව පුරවැසියන් පත්කර තිබෙනවාද නැද්ද යන්න ඒ තරම් ගැටලුවක් නොවේ.දවිත්ව පුරවැසියන් යනු ත්රස්තවාදීන් නොවේ. එහෙත් ප්රශ්නය ඇසූ කාරියප්පර් වරද්දා ගැනීමක් කර තිබේ. ඔහු කියන්නේ ද්විත්ව පුරවැසියන් කතානාපතිසේවයට පත්කළ විට ලැදියාවන් අතර ගැටලුවක් වන බවය.ඒ කතාව ඇත්තක් වන්නේ අදාල පුද්ගලයා පුරවැසිබව ලබා සිටින රටේ තානාපතිකම් කරනවානම් පමණි.අවශ්‍යනම් නිසාම් කාරියප්පර්ට වියානා සම්මුතිය කියවන ලෙස ආරාධනා කරමි. සමහරවිට එදා කාරියප්පර්ට උත්තරය දුන් ආණ්ඩුවේ ඇමතිවරයාද ඒක කියවලා තියෙනවා වන්වනට බැරිය. එහෙම කියවා තිබුණා නම් ඔහු නැවත මේ ප්රශ්නය නොඅසන මට්ටමට කාරියප්පර්ව පත් කරන්නට දෙපාරක් හිතන්නේ නැත. ඒ විතරක් නොවේ,කාරියප්පර්ලා ප්‍රශ්න කරන්නේ එක්සත් අරාබි එමීරයේ තානාපති පත්කිරීම ගැනය.එහි තානාපතිවරියට ඇය පත්කොට සිටින එමීර් රාජ්‍යයේ පුරවැසිකමක් නැත.මීට පෙර සිටි තානාපතිවරයාද දවිත්ව පුරවැසියෙකි. එඅද කාරියප්පර්ට ප්‍රශ්නයක් වී ඇති පත් කිරීම එදා ප්‍රශනයක් වුණේ නැත.
අදාල ප්‍රශ්නයට නිවැරදිව,හරි උත්තරය නොදී හතරවරම් අතඇර යාමේ රෝගය ආණ්ඩුව තවම සුවකරගෙන නැත.
කොටින්ම තානාපතිකම් පත් කිරීමේදී ආණ්ඩුව වරදක් කර නැත.කර ඇති එකම වරද කාරියප්පර්ලා සිටි ආණ්ඩුවල වගේ හිතවතුන්,දේශපාලන ඥාතීන්,අන්තේවාසිකයින් පත් නොකිරීමය.
විදේශ සේවය පිරිහීමට ඥාති සංග්‍රහය හා පාක්ෂික සංග්‍රහය හේතුවූ බව රහසක් නොවේ. සුදුසුකම් සැපිරූ පළපුරුදු නිලධාරින් සිටියදී රජ පවුලේ හා මැති ඇමති වරුන්ගේ සමීපතමයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා දරුවන් විදේශ සේවයේ යෙදවීම මෙයට බලපාන ප්‍රධානතම කාරණයකි. තානාපතිවරුන් පත්කිරීමේදි සෘජු ලෙස දේශපාලනයේ නියලූන, ඒ නිසා පත්වීම් ලද පස්දෙනෙක් සිටී. ඊට අයත් වන්නේ සරත් කෝන්ගහගේ (ජර්මනිය) ඔහු රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි, නාවලගේ බැනට් කුරේ (ඉතාලිය) ශී‍්‍ර.ල.නි.පයේ කොලොන්නාව හිටපු සංවිධායක, ෆේරියල් අෂ්රොෆ් (මහ කොමසාරිස් සිංගප්පූරුව) හිටපු ඇමතිනී, ගාමිණි රාජපක්ෂ (ජෝර්දානය) හිටපු එ.ජා.ප. මන්ත්‍රී, එච්. ආර්. පියසිරි (මියන්මාරය) එ.ජා.ප. හිටපු මන්ත්‍රී යන පස්දෙනාය. අවසානෙට නම් සඳහන් දෙදෙනා එ.ජා.ප.යෙන් කරණම් ගැසුවාට තානාපති ධූර ත්‍යාග ලෙසින් ලද දෙදෙනෙකි.රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඥාතීන් දෙදෙනෙකු සහ මිතුරන් තිදෙනකු තානාපතිවරුන් වශයෙන් දේශපාලන පත්වීම් ලැබුවේය. ඒ උදයංග වීරතුංග (රුසියාව) රාජපක්ෂ මස්සිනා, ජාලිය වික්‍රමසූරිය (වොෂිංටනය) රාජපක්ෂ මස්සිනා, ඩික්සන් දෑල (මහ කොමසාරිස් මාලදිවයින) දළදා මාළිගාවේ දියවඩන නිළමේගේ පියා සහ රාජපක්ෂ මිතුරා, ඒ. එස්. පී. ලියනගේ (නයිජීරියාව) දේපළ වෙළදාම් කරු සහ රාජපක්ෂ මිතුරා, ආචාර්ය ඉවෝන් අමරසිංහ (වියට්නාමය) රාජපක්ෂ මිතුරා ආදි වශයෙන්ය. බුද්ධි අතාවුද (නෙදර්ලන්තය) ඇමති අතාවුද සෙනවිරත්නගේ පුතා, ඖෂධී අලහප්පෙරුම (ස්විඩන්) ඇමති ඩලස් අලහප්පෙරුමගේ මල්ලි, බාරතී විජේරත්න (තුර්කිය) මිය ගිය නියෝජ්‍ය ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ ආදී තානාපති පත්වීම් ඇමති ඥාතින්ය.රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කොට සිටින තානාපතිවරුන් 49 ක් අතරින් විදෙස් සේවයට අයත් වන්නේ එකලොස් දෙනෙකු පමණි. (විශ්‍රාමලත් තිදෙනෙකි.) ඉතිරි සියල්ලම (35 දෙනාම) හුදු දේශපාලන පත්විම් පමණි. ඕස්ටේ්රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන 20 දෙනාගෙන් විදේශ සේවයේ එක් අයකු හැර ඉතිරි 19 දෙනාම දේශපාලන පත්වීම්ය. මෙලෙස වන තානාපති කාර්යාලයන් හි වෙනත් පත්වීම් අතර (ශ්‍රීමාල් වික්‍රමසිංහ නියෝජ්‍ය ප්‍රධානි ඔස්ටි්රයාව, ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා, ඩබ්ලිව්. කේ. එස්. දිසානායක අබුඩාබි තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාජපක්ෂ ඥාතිවරයා) රාජපක්ෂ ඥාතීන් දෙදෙනෙකි. තවද ඒ අතර ඇමති වරුන්ගේ දරුවෝ ( එච්. එන්.බී. රත්නායක දෙවන ලේකම් රුසියාව ඇමති සී.බී. රත්නායකගේ පුතා, හර්ෂන හේරත් දෙවන ලේකම්,සිංගප්පූරුව මහ ඇමති මහිපාල හේරත්ගේ පුතා, චමිත්‍රී රඹුක්වැල්ල, දෙවන ලේකම් නිව්යෝර්ක්, ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය, ඔසඳ යාපා අබේවර්ධන, පළමු ලේකම් මෙල්බර්න්, ඇමති ලක්ෂ්මන් යාපාගේ පුතා ද සිටිති.
රාජපක්ෂ යුගයේ තානාපති පත්කිරීම් එලෙස සිදුවනවිට හකීම්ලා, කාරියප්පර්ලාත් හිටියේ ඒ ආණ්ඩුවේ බලකණු විදිහටය.රාජපක්ෂගේ කොටේ අදින්නට ආ රනිල්ද මේ තත්තවය හොදින්ම කරගෙන ගියේය.පක්ෂ මාරු වීරයකු වන බෝගොල්ලාගම මුලින් යූඇන්පී කාරයෙකි. මෛත්‍රීපාල සිරිසේන පාලනය යටතේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර තනතුර ලබා ගැනීමට ද ඔහු සමත් විය.
විදේශ අමාත්‍යවරයාව සිටි බෝගොල්ලාගම විදෙස් සංචාරයන් සඳහා කුප්රසිද්ධියට පත් විය. බෝගොල්ලාගම යෙදුණු බ්‍රසීල නිල සංචාරය සඳහා රජයට ඇස්තමේන්තු ගත රු. මිලියන 5 කට රියෝ ද ජැනයිරෝ හි වෙරළ නිවාඩු නිකේතනවල නිවාඩුවක් ද ඇතුළත් විය.
එම ගමන සමඟම බෝගොල්ලාගම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට නියමිත වේලාවට ශ්‍රී ලංකා ජනාධිපති දූත පිරිසට එක්වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිතව තිබූ අතර අධික වියදම් සහිත නිව්යෝර්ක්හි රිට්ස්-කාල්ටන් හෝටලයේ නවාතැන් ගැනීමට සකස් කර ගෙන තිබුණි. නිල වශයෙන් වෙනම කාමර දෙකක් වෙන් කර තිබූ අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා එක කාමරයකට දැමූ බෝගොල්ලාගම ඉතිරි කාමරය සිය දියණියට සහ ඇයගේ සැමියාට ලබා දී දුන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. අමාත්‍යවරයාගේ දියණිය හෝ ඇයගේ සැමියා ශ්‍රී ලංකා නිල නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු නොවීය. ඔහු දූෂණයෙන් අගතැන් පැමිණ ඇත්තේ එලෙසය.
හෝටල් ලදු පතෙහි තම දියණියගේ සහ බෑණාගේ නම් සදහන් නොකරන සේ බොගොල්ලාගම හෝටලය සමඟ කතා කර ගෙන තිබුණි. වෙනත් ලෝක අගනගරවල සංචාරයන් හිදී ද එලෙසම කර ඇති බව 2008 වසරෙහිදී වාර්තා විය.
මේ වනාහී බෝගොල්ලාගම විදේශ රටවල නිල සංචාරවල යෙදී සිටියදී අධික වියදම් පිළිබඳ චෝදනාවලට මුහුණ දුන් එක් අවස්ථාවක් පමණි.
2010 එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර් වෙත ලියුමක් යවමින් සිය පුත්‍රයාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම දරුණූ විවේචනයන්ට ලක් කළේය. අද ඔහු ජීවතුන් අතර සිටියේ නම් රනිල් ගැන කුමක් සිතනු ඇත්ද?
මොස්කව්, නවදිල්ලිය සහ වොෂින්ටනය ඇතුළු වැදගත් අගනගරවල තානාපතිවරුන් වන්නේ දේශපාලන ගැත්තන්ය.
රෝමයේ තුන්වැනි අධිරාජයාගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස්ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ ‘‘කලිගියුලා’’ යන නමින්ය. කලිගියුලා කැමති වූයේ ‘මං පොර’ න්‍යායෙන් වැඩ කරන්නටය. මුළු භාණ්ඩාගාරයම තිබුණේ ඔහු යටතේය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.
ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලඳවීය. රනින් නිමකළ ලාඩම් පැලඳවීය. අශ්වයාගේ සම පැහැපත් කරගන්නට ඌට ලබාදෙන ධාන්‍යවල රන් ආලේපකර ලබා දුන්නේය.
අවසානයේ ‘‘ඉන්සිටේටස්’’ අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමානය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහුය.
මේ කතාව මීට වසර තුනකට පෙර ලියුවා නම් ඊට ආදේශ වන්නට තිබුණේ රෝමය වෙනුවට ‘ලංකාවය’.
තානාපති සේවය උලා කා දැමූ යුගයක් බවට ඒ යුගය පත්ව තිබිණි. ඒ දවස්වල කාරියප්පර්ලා පොල් පරාල දුටුවේ නැත. දැන් පොල්කෙඳි හොයයි. අවාසනාවට පොල් කෙඳිද නැත.
2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය.
මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නනියෝගයය ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රී ලංකා මහා බැංකුව 2015/2026 වසරවලදී කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුකරන ලදැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
විමර්ශනවලින් පසු සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරුණු අතර එම නියෝගයෙන් අගතියට පත් රවී කරුණානායක මහතා එම වරෙන්තුව බලරහිත කරන රිට්ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරිණී.
එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු අදාල වරෙන්තුව බලරහිත කරමින් අභියාචනාධිකරණය මගින් රිට්ආඥාවන් නිකුත් කළ අතරතුරේදී නීතිපතිවරයා විසින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා 32ක් යටතේ එවකට මුදල් අමාත්‍යවරයා සිටි රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනු ලැබිණි.
ඉන්පසු හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තමන්ට එරෙහි අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් විභාගයෙන් පසු අධි චෝදනා පත්‍රය බල රහිත කරමින් රිට් ආඥාවන් නිකුත් කෙරුණු අතර තීන්දුවෙන් අගතියට පත් නීතිපතිවරයා තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නීතිඥවරුන් දීර්ඝ වශයෙන් කරන ලද දේශන සහ ඉදිරිපත් කළ ලේඛණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ අභියාචනාධිකරණය විසින් ජනාධිපති කොමිෂන් සභා පණතේ 24 වැනි වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කර තීන්දුව ලබා දී ඇති බවයි.
ඒ අනුව හිටපු මුදල් අමාත්‍යය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ඉවත දැමිමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට අවසර දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා.
ආසියානු කලාපයේ පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
LF. 7 සහ XFG යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි එම ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.
කෙසේනමුත් ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවත් මේ හේතුවෙන් කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත්ය.
අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ජුනි මාසයේ ද ක්‍රියාත්මක වන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක් වනවා.
තද වැසි සහ සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදන හෙට (31) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන අතර නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු එම මුහුඩු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (30) නියම කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවනු ලබන බවයි.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක නඩුවට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලැයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුව නඩුව ජුලි 11 වැනිදා කැඳවීමට දින නියම කළේය.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට සිදුවූ රුපියල් මිලියන 53.1ක් පාඩුකිරීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රකාශ පත් කළා.
ඒ අනුව සිදුවීම වන සමයේ සතොස සභාපතිවරයා ලෙස ක්‍රියා කළ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවමක් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිරදඬුවම් නියම කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.