මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ ඒ අනුව පසුගිය ජූනි මස 30 වැනිදා සංශෝධනය වූ මිල ගණන් යටතේම මෙවරත් ඉන්ධන අලෙවි කරන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 ක් විසින් සහතික වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ලේ හමුවක් පැවැත්වුණා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙනාගෙන් 79 ක් රැස්වීමට එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවට සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු විරුද්ධ වුණා.
පොහොට්ටුව විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසූ ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බව කියා සිටියා.
සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 8කට ආසන්න වියදමක් ඇස්තමේන්තු කර ඇති අතර 2024 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 10ක්.
ඒ අනුව ජනාධිපතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු, ආරක්ෂක, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේනමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
ගාල්ල මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ගාල්ල, සමුද්‍ර මාවත අසළ මුහුදේ පාවෙමින් තිබියදී අද (25) පස්වරුවේ මෙම කාන්තා මළ සිරුර හමු වූ බවයි.
මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර මියගොස් සිටින කාන්තාව වයස අවුරුදු 40 – 45ක් පමණ වන අයෙක් බවටයි පොලීසිය අනුමාන කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.