හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ , ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබීය.
News
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (29) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් මේ වන විට ඇය ප්‍රකාශය ලබා දී ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට වසර 25ක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (29) නියෝග කළා.
ඒ 2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරමින්.
විත්තිකරුවන්ට එරෙහිව කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය දෙනු ලැබුවා.
නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කරනු ලැබුවා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙන බවයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය වෘත්තිය ක්‍රියාමාර්ගයක එළැඹීමට තීරණය කර තිබෙනවා.
ඒ සිය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබා නොදීම හේතුවෙන්.
ඔවුන් පවසන්නේ සිය ගැටලු සඳහා හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරණ සිසුන් සෞඛ්‍ය වෘත්තීන් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක සඳහන් කළේ අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඨ්56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඒ අනුව දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර ඔහුට ප්‍රතිකාර ලබා දිය යුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් අද (24) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔහුගේ මෙම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී හමු වූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
අද (17) ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කෙසේනමුත් මේ හේතුවෙන් ඊයේ (16) දිනයේත්, රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොකෙරුණු අතර බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසන්නේ.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාරගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තබා තිබෙනවා.
කඩුවෙල පොලීසිය පැවසුවේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙලෙස නිල මැදිරිය මුද්‍රා තබා ඇති බවයි.
කෙසේනමුත් ලබන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාරට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති අතර මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
චාණිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අනුකූලවයි මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා ඇත්තේ.