නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ අංක තහඩුවල පවතින හිඟයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28 වැනිදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන අතර නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගනු ලබනවා.
ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතිනවා.
News
වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා තිබෙනවා.
දිවයින පුරා දන්සැල් 8,894ක් ලියාපදිංචි කර තිබූ බවත් ඉන් දන්සැල් 8ක් සෞඛ්යාරක්ෂිත නොවන බැවින් වසා දැමීමට පියවර ගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම සෞඛ්‍ය අඩුපාඩු සහිත දන්සැල් 17ක් සඳහාද උපදෙස් නිකුත් කර තිබෙනවා.
‘ටීචර් අම්මා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3ක් මේ වනවිට යොදවා තිබෙනවා.
මැය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබනවා. ඇය පසුගියදා තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කර ඇති අතර අනතුරුව ඇය දුරකතනය ක්‍රියා විරහිත කර දියණිය සමග ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව පොලිසිය පවසනවා.
එම තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් ඇය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු එම තරුණයාට පහරදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව ඇගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (13) දිනයේදී දුම්රිය 23 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
රියදුරන් නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ඒ නුව ප්‍රධාන, කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය මෙලෙස අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් හෙට (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන්නේ 2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බවයි.
මැයි 01 සිට මැයි 07 දක්වා සතිය සලකා බැලීමේදී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.
2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වන අතර 2025 මැයි මස මුල් සතියේ සංචාරකයින් 33,910ක් දිවයිනට පැමිණ තිබෙනවා.
2
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන ඉන්ධන කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ දක්වා පාර්ලිමේන්තු මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම සිදුකරනු ලැබූ අතර මෙම නව චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220ක් පමණි.
එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය හ සමාන වන අතර මීට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර තිබෙනවා.
සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන්.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පරිභෝජනනය කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා තීරණයක් ගනු ලැබුවා.
ඒ අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්රදානය කෙරෙන බවයි.
දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද ඒ අනුව අහෝසි කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය ද මේ අනුව අහෝසි කිරීමට නියමිතයි.
මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 ක්, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතයි.
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි.
මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර සුපිරි වෙළෙඳසැල්වල ද මස් මාංශ අලෙවි කිරීම ද තහනම් වනවා.
ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ඇය සහ ඇගේ සැමියා විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්.
මෙම ගුරුවරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙහි ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර ඇත්තේ.
දේශබන්දු තෙන්නකෝන් මැයි මස 19 වැනිදා පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
‘පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසිනුයි ඔහුට මෙම කැඳවීම සිදුකර ඇත්තේ.
දේශබන්දු තෙන්නකෝන් මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි.