කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා පුද්ගලයෙක් රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
News
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 සිට 2024 දක්වා කාලය තුළ විදේශ සංචාර 23 ක් සඳහා රුපියල් බිලියන 1.27 ක මුළු වියදමක් දරා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 2022 දී විදේශ සංචාර 4 ක්, 2023 දී 14 ක් සහ 2024 දී තවත් විදේශ සංචාර 5 ක් සිදු කර ඇති බවයි.
එමෙන්ම 2022 දී විදේශ සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 63 දෙනෙක්, 2023 දී මුළු රාජ්‍ය නිලධාරීන් 252 ක් සහ 2024 දී සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 111 ක් සහභාගී වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේනමුත් ඉන් විදේශ සංචාර 19ක් සඳහා රුපියල් මිලියන 19.8ක් වැය වී ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් නියෝජනය කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අනාවරණය කළේය.
මැයි මස 12, 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව මැයි 11 වැනිදා රාත්‍රීයේ සිට මැයි 15 දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා සියලුම මත්පැන් අලෙවි සැල් අනිවාර්යෙන්ම වසා තැබිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා අවධාරණය කර ඇත්තේ.
ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
කෙසේනමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවයි.
එමෙන්ම කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසේත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
Former President Ranil Wickremesinghe incurred expenses totalling Rs. 1.27 billion for 23 overseas visits between 2022 and 2024, Chief Government Whip Nalinda Jayatissa informed Parliament today.
According to Minister Jayatissa, former President Wickremesinghe undertook 4 foreign trips in 2022, 14 in 2023, and 5 more in 2024.
He further said that 63 state officials had participated in the overseas visits in 2022, a total of 252 state officials in 2023, and 111 state officials for the tours in 2024.
Minister Nalinda Jayatissa further revealed that a total of Rs. 19.8 million had been spent on 19 of those overseas visits, in which Ranil Wickremesinghe had not attended, but had been represented by state officials.
මෙරට සංචාරයක නිරත වී සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.
මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (07) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ අනාගත සහයෝගීතාවය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිරත වී ඇති අතර අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකු සභාපතිවරයා වෙත පවසා ඇත්තේ සියලු දෙනා ඇතුළත් වන සංවර්ධන ඉලක්ක, ආර්ථික ස්ථාවරත්වය සහ රජය දිගු කාලීන වැඩපිළිවෙලක ගමන් කරමින් සිටින බවයි.
එහි එක් වැදගත් අංගයක් ලෙස මෙවැනි ගෝලීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත්තේ.
තවද ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඔහු ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍යාධාරයක් ලබාදෙන බව පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.
ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ආරක්ෂක හේතූන් මත බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දු – පකිස්තාන යුද ගැටුම් සමඟ අද (08) උදැසන පාකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා වී ඇති බවයි.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්රය ඇතුළු කෙටිකාලීව ප්රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) යන මහත්වරුද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැයි මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද (07) පෙරවරුවේ කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.