පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන ඉන්ධන කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ දක්වා පාර්ලිමේන්තු මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම සිදුකරනු ලැබූ අතර මෙම නව චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220ක් පමණි.
එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය හ සමාන වන අතර මීට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර තිබෙනවා.
සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන්.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පරිභෝජනනය කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා තීරණයක් ගනු ලැබුවා.
ඒ අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
Politics
ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
කෙසේනමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවයි.
එමෙන්ම කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසේත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං හමු වී තිබෙනවා.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. තවද එහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති අතර ජනාධිපති අනුර කුමාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දක්වා ඇත්තේ පොරොන්දු වූ පරිදි මැයි 03 වන දින රාත්‍රි 7.30ට ස්වර්ණවාහිනි හා මැයි 03 වන දින රාත්‍රි 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවට එක්වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වී ඇත්තේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං ගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා හෙට දිනයේ (04) සිට මෙම මස 06 වැනිදා දක්වා වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
රමාල් සිරිවර්ධන අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ.
සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසිනි.
1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ඔහු එම ධූරය නොදැරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තෙක් කාලය තුළ පමණි.
තව ද ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂයෙකු ලෙස ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ද ලබා දී තිබිණි.
මීට පෙර සභාපති ධූරයෙන් ඉවත් වීම
2019 වසරේදී රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සැක සහිත රක්ෂණ ගනුදෙනුවක් පිළිබඳ චෝදනාවක් ද ඔහුට එල්ල වී තිබිණි.
එම චෝදනාවලින් පසුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සමග ඇති කර ගත් මතභේදයක් හේතුවෙන් ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.
එහෙත්, එම අවස්ථාවේ ද ඔහු මාධ්‍යයට පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය
වට්ස්ඇප් කෙටි පණිවිඩ ඔස්සේ දුන් පිළිතුරු
මෙවර සභාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව විමසීමට දුරකතනය ඔස්සේ ඔහු ඇමැතීමට ගත් උත්සහය සාර්ථක වූයේ නැත.
එහෙත්, ඉල්ලා අස්වීම පිළිබඳව විමසමින් වට්ස්ඇප් ඔස්සේ බීබීසි සිංහල සේවය යොමු කළ කෙටි පණිවිඩ කිහිපයට පිළිතුරු ලැබිණි.
“අතිශය පෞද්ගලික කරූණක් නිසා ඉල්ලා අස්වූ” බවට අප යොමු කළ කෙටි පණිවිඩයට පිළිතුරු ලෙස ලබා දී තිබිණි.
බිමල් රත්නායක ඇමැතිවරයා සමග මත ගැටුමක් සිදුවූ බවට පැතිර යන රාවය සත්‍යයක් දැයි අපි ඔහුගෙන් විමසීමු.
“කිසිදු මත ගැටුමක් ඇති නොවිණි,” යැයි වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවිඩයකින් පිළිතුරු දුන්නේ ය.
“මා මෙම රජය බලයට පත්කිරීමට ගම්පහ ආසනයේ ඉතාමත් ම ක්‍රියාකාරීව පසුගිය අවුරුදු තුනේදි ම වැඩ කළේ කිසිදු තනතුරක් අපේක්ෂාවෙන් නෙමෙයි,” කෙටි පණිවිඩයකින් පිළිතුරු ලබා දෙනු ලැබුවේ නැවත රජයේ වෙනත් තනතුරක් ලබා දුනහොත් බාර ගන්නේ දැයි බීබීසි සිංහල යොමු කළ පැනයට ය.
අලුත් සභාපති කවුද?
රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලංගම සභාපති ධූරයට පත්වන නව සභාපති කවුදැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.
එහදී ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.
BBC
යෝෂිත රාජපක්ෂ: අධිකරණයේදී දිගහැරුණු චෝදනා, විත්තියේ තර්ක සහ මහේස්ත්‍රාත්ගේ තීන්දුව
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කළේ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ය.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරිණි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේ ය.
ඒ අනුව, සෑම මසක ම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවට සැකකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේ ය.
සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම් දුන්නේ ය.
අධිකරණයේදී මොක ද වුණේ?
අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පැවැත්වෙන විමර්ශන මාලාවක් අතරින් මෙය එක් විමර්ශනයක් පමණක් බව සඳහන් කළේ ය.
මෙම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන තුනක් පැවැත්වේ.
මීට අදාළව දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500ක නිවසක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සැකකරුට එරෙහිව එක් විමර්ශනයක් පැවැත්වේ.
ඊට අමතරව, සී.එස්.එන්. නාලිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුත්තක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වේ.
“එම විමර්ශන මාලාවේ එක් විමර්ශනයක් තමයි මෙම නඩු කටයුත්ත” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිල දී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද එහිදී සඳහන් කෙරිණි.
“ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තණිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමු වන සැකකාරිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන් ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා.”
“ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුල දී හිමි වී තිබෙන්නේ රුපියල් 250 ක හෝ 300 ක වැටුපක් පමණ යි. මේ තරම් විශාල දේපළක මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය මුලින් ම පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපළ නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා, දෙවන සැකකාර යෝෂිත රාජපක්ෂ මේ දේපළ මිල දී ගත්තා කියලා.”
“තවත් අවස්ථාවක ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයෙක් ලබා දුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිල දී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයා ගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා.”
“ඒ අනුව පැහැදිලි වෙනවා, මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව,” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂට ලැබුණු ආදායම් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේ ය.
“සැකකරු 2006 වසරේ ලුතිනන්වරයෙකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබෙනවා. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000/- ක වැටුපක්. එම මුදල සෘජුවම ඔහුගේ ගිණුමට බැර වී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපලක් මිලදී ගත්තේ කෙසේ ද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය.”
“ඒ වගේ ම පැහැදිලි වෙනවා අසාධු මුදල් වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාධු මුදල් සංසරණය වැළැක්විය යුතු යි. ඊට සම්බන්ධ අඩි සටහන් ද මකා දැමිය යුතු යි.”
“2017 වසරේ මෙම සැකකරු පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදු කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදු කළ යුතු යි,” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
විත්තියේ තර්ක
ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ විමර්ශනය සිදුවන්නේ මීට වසර 8කට පමණ ඉහතදී ගොනු කරන ලද නඩු කටයුත්තක් සම්බන්ධයෙන් බව සඳහන් කළේ ය.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වූ ඩේසි ෆොරොස්ට් නමැත්තිය නොතීසි මත අධිකරණයට ගෙන්වා ඇප මත මුදාහැර තිබිණි.
පසුව විමර්ශන ගොනු 2018 වසරේ නීතිපතිවරයාට යොමු කරනු ලැබීය.
“වසර 8කට වැඩි කාලයක් ගත වී තිබිලත් විමර්ශන අවසන් වී නොතිබීම ඛේදවාචකයක්. පසුව නඩුව බහා තැබුණු අතර නොතීසි ලැබුණොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන සැකකාරියට දැනුම් දී තිබුණා. වසර 8කට පමණ ඉහතදී ප්‍රධාන සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇප මත මුදා හැර තිබියදී මෙම සැකකරු පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්තිසහගත නෑ.”
“ඒ නිසා ඕනෑ ම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදා හරිණ ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මහේස්ත්රාත්වරයාගේ තීරණය
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තකදී නඩුවට පාදක වන දේපළ තහනමට ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළේ ය.
“එහෙත්, මෙම නඩුවට පාදක වන දේපළ මේ දක්වා තහනමට ගෙන නොමැති බව මා කළ විමසීමේදී පොලිසිය පැවසුවා. මෙය වසර 8කට පමණ ඉහතදී ආරම්භ වූ විමර්ශනයක් වන අතර එහි ප්‍රධාන සැකකාරිය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. යම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නම් ඒ සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතු යි.”
“මෙම නඩුකරයේ බරපතළභාවය සහ මහජන කැලඹීම් යන කරුණු මත ඇප ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කර තිබුණා. එහෙත් එම කාරණා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. හුදෙක් නඩුවේ බරපතළභාවය සහ මහජන කැලඹීම් යන යන වචන මත පදනම් වී සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ.”
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.
සෙනසුරාදා මොක ද වුණේ?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ජනවාරි 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
සෙනසුරාදා පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන විත් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කෙරුණි.
යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.
එහෙත් ඊට එරෙහිව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්සි ද්ධියට අදාළ විමර්ශන කරන බැවින් ඇප ඉල්ලීමට තරයේ විරෝධය පළ කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ තිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
නීති විරෝධී ලෙස උපයාගත් ආදායම් වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටිමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.
කතරගම ඉඩමක් ගැනත් ප්‍රකාශයක්
මේ අතර කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට යෝෂිත රාජපක්ෂ ජනවාරි 3 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අතර පැය කිහිපයක් ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඉන් පිටව ගියේය.
එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.
BBC SINHALA
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ උග්‍ර අවධියේදී උතුරු කොරියාවෙන් ආයුධ ලබාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට එරෙහිව පනවා තිබු ජාත්‍යන්තර සම්බාධක කඩ කළ බව හිටපු ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය සහ එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ විසින් විශ්මයජනක හෙළිදරව්වකින් පිළිගෙන තිබේ.
මෙම පිළිගැනීම ඓතිහාසික සටහනකට වඩා වැඩිය. එය එක්සත් ජාතීන්ගේ සම්බාධක සහ එක්සත් ජනපද ෆෙඩරල් නීති යන දෙකම උල්ලංඝනය කිරීමකි. මෙම හෙළිදරව්වෙන් ඇති වූ බිඳවැටීම ගෝලීය විරෝධයක් අවුලුවා ඇති අතර වගවීම, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජනපද පුරවැසියෙකු විසින් සිදු කරන ලද බරපතල නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ භූමිකාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇත.
බැසිල් රාජපක්ෂ: අපකීර්තියේ කේන්ද්‍රයේ මිනිසා…
ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ ප්‍රබල සාමාජිකයෙකු වන බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ලේ වැකි අවසන් වසරවලදී රටේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා වූ අතර තවත් සහෝදරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඔවුන් එක්ව දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ට එරෙහිව යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනාවලින් කූටප්රාප්තියට පත් වූ කුරිරු මිලිටරි ව්‍යාපාරයක මුලසුන දැරූහ.
එක්සත් ජාතීන්ගේ දැඩි සම්බාධක යටතේ පවතින රටක් වන උතුරු කොරියාවෙන් ආයුධ ලබා ගැනීම බැසිල් දැන් පිළිගෙන ඇත. වඩාත් භයානක වන්නේ, එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස, ඔහුගේ ක්‍රියාවන් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) සහ සතුරා සමඟ වෙළඳාම් කිරීමේ පනත (TWEA) යන එක්සත් ජනපද නීති සෘජුවම උල්ලංඝනය කිරීමයි.
මෙම නීති මගින් එක්සත් ජනපද පුරවැසියන්ට උතුරු කොරියාව ඇතුළුව සම්බාධක පනවා ඇති රටවල් හා ගනුදෙනු කිරීම හා ඕනෑම වෙළඳ හෝ මූල්‍ය ගනුදෙනුවල යෙදීම තහනම් කරයි. මෙම නීති උල්ලංඝණය කිරීම සඳහා දැඩි දඩ මුදල් සහ දිගු සිර දඩුවම් ඇතුළු දැඩි දඬුවම් හිමිවේ.
එක්සත් ජනපද සම්බාධක අමු අමුවේ උල්ලංඝනය කිරීම…
බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිලධාරීන් උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට යොමු වූයේ කොළඹ කළු කඩෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර්වලින් බව ඉරිදා දිවයින පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ හෙළිදරව් කළේය. මෙම පිළිගැනීම Pyongyang සමග අවි ගණුදෙනු පිලිබඳ චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරන ලද ශ්‍රී ලංකා ආන්ඩුව විසින් වසර ගණනාවක නිල ප්‍රතික්ෂේප කිරීම් වලට සෘජුවම පටහැනිය.
උතුරු කොරියාව 2006 වසරේ සිට එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් සම්බාධක යටතේ පවතින රටක් වන අතර ඔවුන්හට පැහැදිළිවම ආයුධ සහ යුධ උපකරණ වෙළඳාම තහනම් කර ඇත. උතුරු කොරියාවෙන් ආයුධ ලබා ගැනීමෙන්, රාජපක්ෂ මෙම ජාත්‍යන්තර සම්බාධක කඩ කළා පමණක් නොව, න්‍යෂ්ටික අවි වැඩසටහන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කුප්‍රකට පාලන තන්ත්රයක් හුදකලා කිරීමේ ගෝලීය ප්රයත්නයන් ද හෑල්ලු කර තිබේ.
එක්සත් ජනපදයේ කාර්යභාරය: නිශ්ශබ්දතාවය හෝ වගවීම?
එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස, බැසිල් රාජපක්ෂගේ ක්‍රියාව පැහැදිලිවම ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමකි. එක්සත් ජනපද ෆෙඩරල් දණ්ඩ නීති සංග්‍රහය යටතේ, අවසර නොලත් ආයතන සමඟ වෙළඳාම් හෝ මූල්‍ය ගනුදෙනුවල යෙදෙන ඕනෑම ඇමරිකානු පුරවැසියෙකුට බරපතල වැරදි සඳහා විශාල දඩ මුදල් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඇතුළු අපරාධ චෝදනාවලට මුහුණ දිය හැකිය.
එහෙත්, මෙම පිළිගැනීම් තිබියදීත්, එක්සත් ජනපද බලධාරීන් රාජපක්ෂගේ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නැත. මෙම නිෂ්ක්‍රීයභාවය මානව හිමිකම් සංවිධාන සහ නීති විශාරදයින්ගේ විවේචනයට ලක්ව ඇති අතර, ඔවුන් තර්ක කරන්නේ බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානු පුරවැසියාට විරුද්ධව පියවර ගැනීමට අපොහොසත් වීම හරහා එක්සත් ජනපද සම්බාධකවල විශ්වසනීයත්වය සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමට ඇති කැපවීම වලක්වන බවයි.
සම්බාධක බලාත්මක කිරීම අධීක්ෂණය කරන එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) සහ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) තවමත් විමර්ශනයක් සඳහා කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැත. මෙම නිශ්ශබ්දතාවය පිලිබඳ බොහෝ දෙනෙකු ප්‍රශ්න කර ඇත්තේ දේශපාලන සලකා බැලීම් නීතිමය බැඳීම් අභිබවා යනවාද යන්නයි.
කළු වෙළඳපොල සහ උතුරු කොරියානු සම්බන්ධතාවය…
රාජපක්ෂගේ පිළිගැනීම, නීතිවිරෝධී මූල්‍ය ගණුදෙණු වල පුලුල් අඳුරු ජාලයක් වෙත ආලෝකය විහිදුවයි. ඔහුගේ ප්රකාශයන්ට අනුව, ශ්‍රී ලංකාවේ නිලධාරීන්, පාතාල ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් වන කොළඹ කාර්යබහුල පිටකොටුව දිස්ත්‍රික්කයේ කළු කඩයෙන් එක්සත් ජනපද ඩොලර් ලබාගෙන ඇති අතර මෙම මුදල්, ආයුධ මිල දී ගැනීමේ දී උතුරු කොරියානු බලධාරීන්ට ලබා දී තිබේ.
මෙම ගනුදෙනුවල පරිමාණය තවමත් අපැහැදිලි ය, නමුත් ප්‍රවීණයන් ඇස්තමේන්තු කරන්නේ සිවිල් යුද්ධයේදී උතුරු කොරියාව සමඟ ශ්‍රී ලංකාවේ ආයුධ ගනුදෙනු ඩොලර් මිලියන සිය ගණනක් වටිනවා විය හැකි බවයි. 2009 සිට කාන්දු වූ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කේබලයක් මෙම චෝදනා සනාථ කරන අතර, ශ්‍රී ලංකා නිලධාරීන් එකල ආයුධ ගනුදෙනු සඳහා Pyongyang සමඟ ක්‍රියාකාරී සාකච්ඡා කරමින් සිටි බව හෙළි කරයි.
මේ මුදල් ලැබුණේ කොහෙන්ද? රාජපක්ෂගේ සම්මුඛ සාකච්ඡාව කළු වෙළඳපොලේ මුදල් හුවමාරු කිරීම් සහ දූෂණයෙන් පවා ඉදිරියට යා හැකි අයථා මූලාශ්‍ර වෙත යොමු කරයි. මෙම හෙළිදරව්ව ගැටුම් පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර සම්බාධක මගහැරීම සඳහා නියාමනය නොකළ මූල්‍ය ජාලවල කාර්යභාරය ඉස්මතු කරයි.
එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා සඳහා ඇඟවුම්…
රාජපක්ෂගේ ක්‍රියාවන් එක්සත් ජනපද නීති උල්ලංඝනය කළා පමණක් නොව ශ්‍රී ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් දක්වා ගෙන යාමකි. අදාළ කාලපරිච්ඡේදය තුළදී, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ආධාර සපයන්නන්ගෙන් එකක් වූ අතර, පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ සහ මානුෂීය ප්රයත්නයන්ට සහාය වීම සඳහා ඩොලර් මිලියන ගණනක් ශ්‍රීලංකාවට ආධාර වශයෙන් ලබා දී තිබේ.
එක්සත් ජනපද පුරවැසියෙකු සංවර්ධන ආධාර සඳහා එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ ඩොලර් ලබා ගනිමින් උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම සඳහා නීති විරෝධී ලෙස උපයාගත් අරමුදල් භාවිතා කිරීම දැඩි ලෙස විශ්වාසය පාවාදීමකි.
මේ පිළිබඳව වගවීම මගහැරීම සඳහා රාජපක්ෂ පවුල තම දේශපාලන බලය සහ ජාත්‍යන්තර සම්බන්ධතා කොතෙක් දුරට උපයෝගී කර ගත්තේද යන්න පිළිබඳ විවේචනාත්මක ප්‍රශ්න මතු කරයි.
වගවීම සඳහා කැඳවුම්: ඊළඟට පැමිණෙන්නේ කුමක්ද?
රාජපක්ෂගේ මෙම හෙළිදරව්ව පිළිබඳව මානව හිමිකම් සංවිධාන, නීති විශාරදයින් සහ ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාව, මූල්‍ය ගණුදෙණු සහ ෆෙඩරල් නීති උල්ලංඝන කිරීම් ඇතුළුව ඔහුගේ ක්‍රියාවන් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එක්සත් ජනපද බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
මෙහිදී පහත පියවර තීරණාත්මක වේ:
1. DOJ සහ OFAC විමර්ශනය: එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ විදේශ වත්කම් පාලන කාර්යාලය රාජපක්ෂගේ ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය. මෙයට මුල්‍ය ගණුදෙණු සොයා ගැනීම සහ එ.ජ. නීති උල්ලංඝණය වී ඇත්ද යන්න තීරණය කිරීම ඇතුළත් වේ.
2. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම: එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව විසින් සම්බාධක උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා නැවත සලකා බැලිය යුතු අතර නීතිවිරෝධී ආයුධ ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග සලකා බැලිය යුතුය.
3. කොන්ග්රස් අධීක්ෂණය: එක්සත් ජනපද කොන්ග්රසය මෙම නඩුව සම්බන්ධයෙන් ෆෙඩරල් ආයතනවලින් වගවීම සහ විනිවිදභාවය ඉල්ලා සිටිය යුතුය. සම්බාධක කඩ කරන එක්සත් ජනපද පුරවැසියන් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බව නීති සම්පාදකයින් සහතික කළ යුතුය.
4. ශ්‍රී ලංකාවේ ස්වාධීන පරීක්ෂණය: දූෂණ, ආයුධ ගනුදෙනු සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු සිවිල් යුද්ධයේදී රාජපක්ෂ පවුලේ මූල්‍ය ගනුදෙනු විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාව ස්වාධීන පරීක්ෂණයක් ස්ථාපිත කළ යුතුය.
දණ්ඩ මුක්තියේ ඉතිහාසය…
රාජපක්ෂ පවුලට දූෂණ හා වැරදි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලය තුළ පවුල රජයේ ප්‍රධාන අංශ පාලනය කරමින් අතිවිශාල ධනයක් සහ දේශපාලන බලයක් රැස් කළේය. ප්‍රශ්නගත යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සිට යුද අපරාධ චෝදනා දක්වා රාජපක්ෂලා විවිධ අපචාරවලට සම්බන්ධ වී ඇත.
කෙසේ වෙතත්, වගවීම නොපැහැදිලිව පවතී. ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආණ්ඩු දේශපාලන බලපෑම් සහ අස්ථාවර වීමේ භීතිය සඳහන් කරමින් ඔවුන් විසින් කරන ලද යැයි කියන අපරාධ සම්බන්ධයෙන් එම පවුලට නඩු පැවරීමට අපොහොසත් වී ඇත.
සම්බාධක සහ ගෝලීය ආරක්ෂාව
දේශපාලන බලය සහ මූල්‍ය ජාල බොහෝ විට නීතියට ඉහළින් ක්‍රියාත්මක වන ලෝකයක ජාත්‍යන්තර සම්බාධක ක්‍රියාත්මක කිරීමේ අභියෝග බැසිල් රාජපක්ෂ සෝලිය අවධාරනය කරයි. රාජපක්ෂ වැනි පුද්ගලයන්ට ප්‍රතිවිපාකවලට බියෙන් තොරව සම්බාධක කඩ කළ බව විවෘතව පිළිගත හැකි වූ විට, එය සමාන ක්‍රියා ගැන සලකා බැලිය හැකි අනෙක් අයට අනතුරුදායක පණිවිඩයක් යවයි.
සම්බාධක ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්රමුඛයෙකු ලෙස එක්සත් ජනපදය, එහි නීතිවල අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ යුක්තිය සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කිරීමට තීරණාත්මක ලෙස ක්‍රියා කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම සම්බාධක මගින් ආරක්ෂා කිරීමට අදහස් කරන මූලධර්මම යටපත් කිරීමේ අවදානමක් ඇත.
යුක්තිය සඳහා පරීක්ෂණයක්
උතුරු කොරියාවෙන් ආයුධ ලබා ගත් බව බැසිල් රාජපක්ෂ පිළිගැනීම පුද්ගලික අපවාදයකට වඩා වැඩි ය. එය නීතියේ ආධිපත්‍යය සඳහා ලිට්මස් පරීක්ෂණයකි. සම්බාධක කඩ කිරීම සහ ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් වන පාලන තන්ත්රයක් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය තමන්ගේම පුරවැසියෙකුට වගකිව යුතුද?
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, මෙම නඩුව මගින් ආණ්ඩුකරණයේ විනිවිදභාවය සහ වගවීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරයි. එක්සත් ජනපදය සඳහා, එය යුක්තිය සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සඳහා වන සිය කැපවීම නැවත තහවුරු කිරීමට අවස්ථාවකි.
කතාව දිගහැරෙන විට, එක් දෙයක් පැහැදිලිය. ක්‍රීඩාව අවසන් වී නැත. අක්‍රිය වීමේ ප්‍රතිවිපාක උල්ලංඝනය කිරීම් තරම්ම හානිකර විය හැකිය.
-LeN ආරක්ෂක විශ්ලේෂක විසිනි -Lankaenews
(පරිවර්තනය සංජය දසනායක)
Wiretapping at Stanmore Crescent: Unmasking the Secrets of Yoshitha Rajapaksa’s Alleged Operations.!
Stanmore Crescent is a name that resonates with political history in Sri Lanka. Once the official residence of Mangala Samaraweera, it later became a hub of political activity under Mahinda Rajapaksa. This seemingly unassuming address transformed into a nerve center of power during Rajapaksa’s presidency. However, allegations now cast a shadow over its corridors—claims of wiretapping, financial scheming, and clandestine operations allegedly orchestrated by none other than Yoshitha Rajapaksa, Mahinda’s son.
The Wiretapping Allegations
It’s a tale that reads like a spy thriller: a son, leveraging technology and proximity to power, allegedly tapped into the conversations of his father’s visitors. Businessmen, politicians, diplomats, and even family members who stepped into Stanmore Crescent had their discussions secretly recorded.
Sources suggest that the motive behind this wiretapping was not just information gathering—it was financial. Yoshitha Rajapaksa is accused of using these conversations to extract insider knowledge about deals, favors, and problems brought to Mahinda Rajapaksa. Armed with this information, Yoshitha reportedly positioned himself as a middleman, brokering deals, offering “solutions,” and earning substantial profits in the process.
A retired Navy officer, who once worked closely with the Rajapaksa family, revealed shocking details. “Yoshitha was brilliant in his strategic approach, but unfortunately, he used it for personal gain. Conversations at Stanmore Crescent were no longer private; they were commodities he exploited,” the officer alleged.
The Temple Trees Connection
The wiretapping saga doesn’t end at Stanmore Crescent. Allegations have surfaced that Mahinda Rajapaksa’s office at Temple Trees, another iconic political address, was similarly compromised. The revelation is particularly scandalous because it implies that even the highest seat of executive power in Sri Lanka was not immune to surveillance—by the president’s own son.
Critics argue that this breach of privacy and protocol could have had far-reaching consequences. Foreign diplomats and delegations meeting Mahinda Rajapaksa at Temple Trees were unknowingly exposed to Yoshitha’s covert operations. Such actions, if true, would constitute a serious breach of diplomatic protocol and could tarnish Sri Lanka’s reputation on the global stage.
The State Bank Scandal
Adding fuel to the fire are allegations involving state banks. Several former chairmen of state banks have come forward, claiming they received phone calls from Yoshitha Rajapaksa, instructing them to release large sums of money to specific accounts. These funds, reportedly running into millions, were allegedly distributed as loans or overdrafts to individuals handpicked by Yoshitha.
The true scandal lies in the rumored kickbacks. Those who received these funds are said to have paid a “cut” to Yoshitha, effectively making him a financial middleman. This alleged manipulation of state resources not only raises ethical concerns but also calls into question the integrity of Sri Lanka’s financial institutions during the Rajapaksa era.
A Web of Real Estate and Property Deals
Beyond wiretapping and financial meddling, Yoshitha Rajapaksa is also accused of orchestrating dubious property deals. Using information gleaned from private conversations, he allegedly identified lucrative land and property opportunities, positioning himself to profit at the expense of others.
One insider recounted a particularly troubling pattern: “Businessmen would visit Mahinda Rajapaksa seeking help with land disputes or property acquisitions. Yoshitha would intervene, pretending to assist, but in reality, he was securing his own interests. It was a blatant abuse of power and trust.”
Targeting Allies and Rivals
The Rajapaksa family dynamic adds another layer of intrigue to the story. Allegations suggest that Yoshitha’s actions were not limited to external targets; he also sought to undermine those close to his father.
One name frequently mentioned is Malaka Silva, an honest Navy officer and a close confidant of Mahinda Rajapaksa. According to sources, Yoshitha viewed Malika’s relationship with Mahinda as a threat. “Yoshitha ensured that Malaka was kept at arm’s length from the president. It was a calculated move to eliminate competition and consolidate his own influence,” said a former aide.
Breaking Diplomatic Protocols
The wiretapping scandal has also raised concerns about diplomatic breaches. Foreign diplomats visiting Mahinda Rajapaksa at Stanmore Crescent reportedly had their conversations recorded without their knowledge. This violation of diplomatic protocol is not just an embarrassment for Sri Lanka but also a potential legal issue.
Several diplomatic sources have hinted at the possibility of lodging formal complaints. “If proven, this could lead to significant diplomatic fallout. Trust between nations is built on respect and confidentiality, and these actions undermine that foundation,” said a senior diplomat based in Colombo.
Calls for Investigation
The allegations against Yoshitha Rajapaksa have sparked widespread outrage, with many calling for a thorough investigation. Civil society groups, opposition parties, and even former allies of the Rajapaksa family have demanded accountability.
Legal experts argue that the alleged wiretapping, financial manipulation, and property deals constitute serious crimes. “These actions, if true, represent a gross abuse of power and a betrayal of public trust. The authorities must act swiftly to investigate and prosecute those responsible,” said a Colombo-based lawyer.
The Criminal Investigation Department (CID) has reportedly received complaints about the alleged wiretapping and financial schemes. However, critics remain skeptical about the likelihood of a thorough investigation, citing the Rajapaksa family’s continued influence in Sri Lankan politics.
A Pattern of Power Abuse
The allegations against Yoshitha Rajapaksa are not isolated incidents but rather part of a broader pattern of power abuse during the Rajapaksa era. From accusations of corruption to human rights violations, the Rajapaksa family has faced numerous controversies over the years.
This latest scandal underscores the dangers of unchecked power and the need for stronger accountability mechanisms in Sri Lanka. As one political analyst put it, “The Rajapaksa family wielded enormous power, and this case shows how easily that power can be abused for personal gain. It’s a wake-up call for the nation.”
The Stanmore Crescent wiretapping scandal is a stark reminder of the risks posed by the intersection of technology, politics, and unchecked ambition. While the allegations against Yoshitha Rajapaksa are yet to be proven, they highlight the urgent need for transparency and accountability in Sri Lanka’s political system.
For now, the halls of Stanmore Crescent remain silent, but the echoes of its secrets continue to reverberate across the nation. The question is: will justice ever be served?
-By Diplomatic correspondent
Source . Lanka enews
Separate probe against MP Namal
The Bribery Commission yesterday informed Fort Magistrate Nilupul Lankapura (22) that it will conduct a separate investigation against former Sports Minister and MP Namal Rajapaksa regarding the alleged financial irregularities of Rs.70 million in the lease of 4.3 acres at the Krrish Transworks Square in Fort Colombo.
A Commission official informed Court that these investigations were initiated pursuant to a Court order.
The Bribery Commission stated this when the case filed in connection with the investigation being conducted by the Financial Crimes Investigation Division regarding the incident was taken up for hearing.
The Magistrate also ordered that the case filed by the Criminal Investigation Department be recalled on June 4 and if the Attorney General’s advice was received before that, she informed the Financial Crimes Investigation Division to issue notice to the defendant.
A further report regarding the incident was submitted to Court by the Criminal Investigation Department and MP Namal Rajapaksa, who has been released on bail in connection with the incident, appeared in Open Court when the case was called.
Investigations are being conducted based on a complaint submitted by Trade Minister Wasantha Samarasinghe while he was a Member of Parliament. The Financial Crimes Investigation Division has conducted an investigation into the incident following a complaint filed by the Anti Corruption Voice organisation, including Minister Wasantha Samarasinghe, to the IGP, alleging that a financial irregularity of around Rs.70 million had occurred.