එට්කා ගිවිසුමට කිසිම ආකාරයක අවසන් තීන්දුවකට එළඹි නැති බව අවධාරණය කරන්නේ යැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එට්කා ගිවිසුමට අත්සන් කළ බවට ප්‍රචාරය යවනු ලබන්නේ බංකොලොත්වුන දේශපාලකයින් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
Politics
දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.
ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
සමගි ජන බලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බවත් ජාතික ජන බලවේගය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසුවේ.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්රන්ට ඉදිරිපත් නොවන ලෙස දන්වා ඇති බවත් වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවයි ඔහු කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව අද (10) පෙරවරුවේ එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මෙම හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහුගේ පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ද ඔහු තරග නොකිරීමට දැනටමත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
මේ වන විටත් ඔහු එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට ලබා දී තිබෙනවා.