ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ.ෂා නිතරගයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වනවා.
මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික Greg Barclay මේ වනවිට කටයුතු කරනු ලබනවා.
35 හැවිරිදි ලේකම් ජේ.ෂා එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට ICC යේ සභාපති ධුරයේ කටයුතු කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා වශයෙන් ජේ ෂා ඉතිහාස පොත් අතරට එක්වනවා.