මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ඊයේ (23) දිවුරුම් දුන්නා.
එමෙන්ම මෙරට තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අමාත්‍යංශය, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශ භාර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය පවතිනවා.
එමෙන්ම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය,
පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විජිත හේරත් යටතට පත් කර තිබෙනවා.