මර්දන නීතිවලට එරෙහිව සටන් කළා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවයි.
පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මුලින්ම පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මෙම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
මහත් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල පැවසුවේ එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ පැවසුවා.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු උද ගම්මන්පිල අවධාරණය කළේ මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (09) ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මොහු අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.
අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (9) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.
තමන් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුට බැවින් කොයි මොහොතක හෝ තමන්ගේ ජීවිතයට අවදානමක් එල්ල විය හැකි බව ව්‍යාපාරික විරංජිත් තාඹුගල පවසනවා.
ක්ලබ් වසන්ත මෙන් තමාද දවසක මහමඟ මරා දමෞ ඇතැයි තමන්ට බියක් පවතින බවත් හෙතෙම අවධාරණය කරනවා.
ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
තමන් වගකිව යුත්තන්ගෙන් අවශ්‍ය ආරක්ෂාව ඉල්ලා ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.
නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
ඇය එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත්ය.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා.