ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත්ය.