පොළොන්නරුව, බකමූණ ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.
ආහාර විෂ වීමක් හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්රාමීය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
රෝගී වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.