ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාව පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ජපානය අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙහි පළමු ස්ථානය ඇමරිකාව, දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජර්මනියට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාව
ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් මේ පිළිබඳව නිවේදනය කර තිබුණා.
“හැමෝටම ආයුබෝවන්, මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව දැන්වීමට කැමතියි. සුදු ඇඳුමින් මගේ රට නියෝජනය කිරීමට ලැබීම ලොකු ගෞරවයක්. මේ වසර පුරාම ඔබ ලබා දුන් ආදරය සහ සහයෝගයට ස්තූතියි. කොහොම වුණත් මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් එක්දින තරඟවලට සහභාගී වෙනවා.”
මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන ඔහු තම වෘත්තීය ජීවිතයේ දෙවන භාගයේදී ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූ අතර, ටෙස්ට් 67 කදී ශතක 12 ක් සහ අර්ධ ශතක 18 ක් සමඟින් ලකුණු 4301 ක් ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
ඉන්දීය සන්නද්ධ හමුදාව අද (07) අලුයම පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මිසයිල ප්‍රහාරවලින් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
කෙසේනමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ත්‍රස්තවාදී සංවිධාන කිහිපයක බළකොටු තිබෙන බවයි.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ මෙම ප්‍රහාර මාලාව අද (07) අලුයම 1.44 ට පමණ එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.
ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන්තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
කෙසේනමුත් මෙම සෝදිසි මෙහෙයුමේදී කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි ගුවන්තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ.
අද (03) උදෑසන 11.26 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එම ගුවන් යානය තුළ කාෂ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන ත්රස්තවාදීන් 6 දෙනෙකු සිටින බවට ලද තොරතුරක් මතයි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ.
එසේම පැමිණෙන පිරිසගේ ගමන් බලපත්‍ර අංක, ඡායාරූප කිසිවක් ගුවන්තොටුපොළ වෙත එවා නොමැති, අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ.
එමෙන්ම සැක කටයුතු පිරිස 06 දෙනෙක් හෝ නැතිනම් 07 දෙනෙකු ලෙස නිශ්චිතව කිව නොහැකි බවටත් කටුනායක ගුවන්තොටුපොළ වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත ලද පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් යුධ හමුදා, සිවිල් ආරක්ෂක සේවා සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව, ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර එහිදී සැක කටයුතු කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වේ .
ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී මාරක බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලක්නව්-අග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 19 දෙනෙක් මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.