මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ජුනි මාසයේ ද ක්‍රියාත්මක වන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක් වනවා.
ඉන්ධන මිල
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 377ක් ලෙස දැක්වෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 307ක් ලෙසයි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 352ක් ලෙසයි.
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද (31) ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවීමට නියමිතයි.
කෙසේනමුත් පසුගිය ජූලි මාසයේදී රජය විසින් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළේ නැහැ.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි 30 වැනිදායි.
එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. ලීටරයක් 379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙස ද මිල නියම වුණා.