තද වැසි සහ සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදන හෙට (31) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන අතර නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු එම මුහුඩු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙන බවයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ හෙට (04) දිනයේදීද ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.
ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 07ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.
ඒ අනුව දැනට අරාබි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වෙත වහාම ගොඩබිම වෙත හෝ ආරක්ෂිත ස්ථානයක වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.