හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබෙනවා.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව ඇත්තේ.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබා දී තිබෙනවා.
කෙසේනමුත් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
කෙහෙළිය රඹුක්වැල්ල
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (29) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් මේ වන විට ඇය ප්‍රකාශය ලබා දී ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැයි මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද (07) පෙරවරුවේ කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය නිකුත් කළේය.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු 16ක් තහනම් කර තිබෙනවා.
මෙලෙස තහනම් කර ඇත්තේ කෙහෙළියගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03ක් බවයි වාර්තා වන්නේ.
මෙම මුදල් සැකකටයුතු ගනුදෙනුවලින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන අතර එම ගිණුම් සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 93.12 ක් පමණ වන බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ.
ඊට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා දවස් 07ක කාලයක් සඳහා මෙම ගිණුම් සියල්ල අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.