වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
පාදයට කරන ලද සැත්කම් කිහිපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියා.
ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පඩුගියදා අතුරුගිරිය ටැටූ ආයතනයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී කේ. සුජීවාටද වෙඩි වැදුණා.
ඉන් ඇගේ පාදයකට බරපතල ලෙස තුවාල සිදු වුණා.