ගාල්ල මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ගාල්ල, සමුද්‍ර මාවත අසළ මුහුදේ පාවෙමින් තිබියදී අද (25) පස්වරුවේ මෙම කාන්තා මළ සිරුර හමු වූ බවයි.
මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර මියගොස් සිටින කාන්තාව වයස අවුරුදු 40 – 45ක් පමණ වන අයෙක් බවටයි පොලීසිය අනුමාන කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.