මෙරට ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් අතර දියවැඩියා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය පැවසුවේ පසුගිය වසර 10ක කාලය තුළ සිදු කළ සමීක්ෂණවලින් මේ බව අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම නාගරික ප්‍රදේශ තුළ ජීවත් වන පුද්ගලයන්ගෙන් 20%5ක් පමණ දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
පුද්ගලයකුගේ නීරෝගිභාවයට අවම වශයෙන් පැය භාගයක්වත් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය බවත් අධික සීනි සහිත ආහාර පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් පුද්ගලයන් දියවැඩියාව රෝගයට ගොදුරු වන අතර, කිසියම් අයකුට දියවැඩියාව පවතින්නේ නම් අක්ෂි ඇතුළු සිරුරේ පවතින සෙසු අවයවවලටද හානි කරන බවත් වෛද්‍යවරයා එහිදී අවධාරණය කළා.