කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාරගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තබා තිබෙනවා.
කඩුවෙල පොලීසිය පැවසුවේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙලෙස නිල මැදිරිය මුද්‍රා තබා ඇති බවයි.
කෙසේනමුත් ලබන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාරට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති අතර මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
චාණිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අනුකූලවයි මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා ඇත්තේ.
Tag: