අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරණය
සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (17) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත පැමිණියා.
නාමල් රාජපක්ෂව පිළිගැනීම වෙනුවෙන් විශාල පිරිසක් කතරගම පුද බිමේ ප්‍රධාන දොරටුව අසලට රැස්ව සිටියා.
කතරගම පුද බිම වෙත පැමිණි නාමල් රාජපක්ෂ පළමුවෙන් කිරිවෙහෙර වැඳ පුදා ගත් අතර අනතුරුව මහා සංඝ රත්නය විසින් සිදුකළ ආශිර්වාද පිරිත් සජ්ජායනයකට ද එක් වුණා.
පසුව අෂ්ඨ ඵල බෝධීන් වහන්සේගෙන් හා රුහුණු මහා කතරගම දේවාලයට ද ගොස් ඔහු ආශිර්වාද ලබා ගත්තා.


2024 සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කරනවා.
උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, අවසර ලත් මුදල මැතිවරණ කොමිෂන් සභාව මගින් තීරණය කරනු ලබන බවත්, එම අවසර ලත් මුදල තීරණය කිරීමෙන් පසුව අපේක්ෂකයකුට වියදම් කළ හැක්කේ එම සීමාව තුළ පමණක් බවත්ය.
වියදම් නියාමනයට අවසර ලත් මුදල ගැසට් කිරීමෙන් පසු මැතිවරණ වියදම් ගණනය කිරීම් එතැන් සිට මැතිවරණයට අදාළ සියලුම වියදම් මෙයට අදාළ වන අතර එමෙන්ම මැතිවරණය අවසන් වී දින 21 තුළ අපේක්ෂකයෙකු ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර දින දහයක් ප්‍රදර්ශනය කළ යුතුයි.
යම් ලෙසකින් වියදම් වැරදි වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා ධුරය අහෝසි කිරීමටද හැකියාව පවතිනවා.
ජනමත විචාරය හැර සෑම මැතිවරණයකටම මෙම වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.
කාර්යාල පිහිටුවීමට අපේක්ෂකයන්ට හැකියාව ඇති අතර ඒ අනුව අද සිට සැප්තැම්බර් 18 මධ්‍යම රාත්‍රිය දක්වා දක්වා ගම් මට්ටමෙන් කාර්යාල පිහිටුවීමට අපේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා.
මේ අතර, ආසන මට්ටමෙන් කාර්යාල පවත්වාගෙන යෑමට අවස්ථාව ඇත්තේ සැප්තැම්බර් 18 සිට 22 දක්වායි.
අපේක්ෂකයෙකුට ලංකාවටම එක කාර්යාලයක් පවත්වාගෙන යෑමට හැකියාව ඇති අතර එය සැප්තැම්බර් 21 දක්වා භාවිත කිරීමට හැකියාව ඇත.
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකෙරුණා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරුණු බවයි.
එමෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබූ අතර එම කාලය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඒ අනුව, 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.
මේ අතර, මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති ආචාරධර්ම අනුව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලයි.
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදු කෙරෙනවා.
අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
ඒ කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය.
මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික වතාවත් සිදු කොට ආශිර්වාද පළ කළහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ මැති ඇමතිවරුන් රැසක් ද, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන දේශපාලන පක්ෂ හා සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්වයි මෙලෙස පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී ඇත්තේ.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරනු ඇති.
අනුර ප්‍රියදර්ශන යාපා මෙම සන්ධානයේ නායකත්වය දරනු ලබනවා.
මෙම සන්ධානයේ මහ ලේකම් ධුරය ලසන්ත අලගියවන්න හා භාණ්ඩාගාරික ධුරය චාමර සම්පත් විසින් දරනු ලබනවා.
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 04 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ.
මේ අතර සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 05 සහ 06 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර තිබෙනවා.