මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ජනාධිපතිවරණ සටනින් ඉවත් වී තිබෙනවා.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් තරග නොකරන බවට ඔහු විසින් ලිපියක් යොමු කරමින් දන්වා ඇති අතර එහි දැක්වෙන්නේ පෞද්ගලික හේතුවෙක් මත තමා මෙම තීරණයට එළඹ ඇති බවයි.

සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදැක්වීම අද (08) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙය ජනගත කෙරුණා.
එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සදහා සමගි ජන බලවේගයට සහය දක්වන පක්ෂ හා මන්ත්‍රීවරුන් එක්ව මෙම සන්ධානය ගොඩනගා තිබෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වනවිට අපේක්ෂකයින් 22 දෙනෙක් ඇප තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වැනිදා දහවල් 12.00න් අවසන් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ අද (07) නම් කළා.
අද (07) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති උත්සයකශී නාමල් රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගී වී සිටියේය.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතු බවයි.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසනවා.