ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක අද එම ඇප මුදල් තැන්පත් කළා.
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන අයුරින් සිදු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
අස්වැසුම දෙවන අදියරට අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට යවන ලද චක්‍රලේඛනයේ සඳහන් කර ඇත්තේ මැතිවරණ කාල සීමාව තුළදී රජයේ ඉඩම් බෙදාදීම, රජයේ ඉඩම් හිමිකම් ඔප්පු හෝ නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්රදානය කිරීම්, වැවිලි කර්මාන්තය සඳහා හෝ වගා කටයුතු සඳහා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය, මුදල් හා විවිධ සහනාධාර, පොහොර, කෘෂි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, ස්වයං රැකියා සඳහා උපකරණ, පාපැදි, සූර්ය බල විදුලි පහන්, ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපෘති හා නිවාස ණය නිකුත් කිරීම, වන්දි මුදල් ප්රදානය වැනි වැඩසටහන් අත්හිටුවිය යුතු බවය.
ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් සතියේ ලිපියක් යොමු කරමින් කියා සිටියේ උරුමය ඔප්පු බෙදාදීම, අස්වැසුම සංගණන ආදී කටයුතු මැතිවරණ සමයේදීද සිදුකළ යුතු බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිඳ සමගි ජන බලවේගය හා එකතු වී තිබෙනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් දෙදෙනාගේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා.
හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා.
ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු ධුරය හොබවනු ලබනවා.
මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම මීට හේතු වී තිබෙනවා.
ඒ අනුව මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර ජනාධිපතිවරය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුළු සෙසු මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි.
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සර්ව ජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද (04) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේ දීයි මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ දිලිත් ජයවීර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බවයි.
පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව විනය පියවර ගන්නා බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ තීරණය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ට ලිඛිතව දැනුම් දුන් බවයි.
ඒ අනුව පක්ෂයේ තීරණවලට එරෙහි වෙන සාමාජිකයින්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.
දිවයින පුරා මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් 50,000ක් යොදවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.
මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වුණේ ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහායි.
එහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 ක් විසින් සහතික වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ලේ හමුවක් පැවැත්වුණා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.