ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද(11) එරට ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතයි.
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ දිවයිනෙන් ජර්මනිය බලා පිටත්ව ගියා.
ඒ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම සංචාරයට එක්ව සිටිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුව තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා මෙලෙස ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බවයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී එරට ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් හමුවීමට නියමිතයි.
දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩගැනීම පිළිබඳව පාර්ශව රැසක් සමග ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් අද (24) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔහුගේ මෙම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්රය ඇතුළු කෙටිකාලීව ප්රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) යන මහත්වරුද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලෝක බැංකු සභාපති අජේ බංගා හෙට (07) මෙරටට පැමිණීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි සභාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ.
ලෝක බැංකු සභාපතිවරයෙකු වසර 20 කට පමණ පසු මෙරටට පැමිණීම විශේෂත්වයක් වන අතර සභාපතිවරයාගේ මෙම සංචාරයේදී රැකියා නිර්මාණයට සහාය වීම, පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථිකයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) දහවල් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ වියට්නාම රජයේ විශේෂ ගුවන් යානයකින්.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වූ අතර ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරියේදී ද වඩා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට එහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං හමු වී තිබෙනවා.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. තවද එහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති අතර ජනාධිපති අනුර කුමාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දක්වා ඇත්තේ පොරොන්දු වූ පරිදි මැයි 03 වන දින රාත්‍රි 7.30ට ස්වර්ණවාහිනි හා මැයි 03 වන දින රාත්‍රි 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවට එක්වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වී ඇත්තේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං ගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා හෙට දිනයේ (04) සිට මෙම මස 06 වැනිදා දක්වා වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් විස්තර කරමිනුයි මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි මෙම හමුව පවත්වා ඇත්තේ.
එහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද සහභාගී වී තිබෙනවා.