පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමට දින නියම කර ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ලෙස 2024.10.04 සිට 2024.10.11 දක්වා නියම කර ඇත.
එමෙන්ම ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන බවත් නිවේදනය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුවයි මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

