2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 ක් විසින් සහතික වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ලේ හමුවක් පැවැත්වුණා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසූ ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බව කියා සිටියා.
පසුගිය වසර දෙක පුරා පොහොට්ටුව ජනාධිපතිවරයාට උදව් කළ නමුත් ජනාධිපතිවරයා ඊට කෘතගුණ සැලකීමක් ලෙස පොහොට්ටුව දෙකඩ කළ බව නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (25) නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.
එහිදිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී පක්ෂය නිවැරදි දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ යනු පුරුද්දක් ලෙස පක්ෂ කඩන දේශපාලකයෙක් බවත්, ඔහුට සහය දීමට තීරණය කළ අවස්ථාවේත් ඔහුගේ මේ පුරුද්ද පිළිබඳ පොහොට්ටුව හොඳ අවබෝධයකින් සිටි බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.
මැතිවරණය සඳහා අවශ්‍ය වන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීමට තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව ලිපි කවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳව බවයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට (24) පැවැත්වීමට නියමිතයි.
මෙම වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
මෙම වසරේ මුල් මාස 6 තුළ රජය භාණ්ඩාරගාර බිල්පත් හා බැදුම්කර බිල්පත් මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක්.
එම කාලය තුළ ගෙවා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදී මහබැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම් රජයට පැවති අතර සියයට හැත්තෑවක තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රථිපලය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම හා ගෙවීම සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කෙටුම්පත ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ.
4ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ සඳහන් වසර 6 වෙනුවට වසර 5 ක් ලෙස සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600 – 800 ත් අතර මුදලක් වැයවනු ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ.
කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාල පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවත් ඇය අවධාරණය කළාය.
රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැලපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (13) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
එදා මෙදා තුර මේ පාසල විශාල දියුණුවක් ලබා තිබෙනවා. විදුහල්පතිතුමා පාසල සඳහා තුන් මහල් ගොඩනැඟිල්ලක් ඉල්ලා තිබෙනවා. එම ගොඩනැගිල්ල ලබා දෙන ලෙස මම අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙනවා. පිහිණුම් තටාකයේ ඉදිකිරීම් අවසන් කර තිබෙන නිසා සහ විද්‍යාලයේ 77 වන සංවත්සරය පැමිණෙන නිසා ජනාධිපති කාර්යාලය මඟින් මෙම විද්‍යාලයට අංග සම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක් ලබාදීමට ද කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.
මෙම පාසල වෙනුවෙන් අදහස් දැක්වූ ශිෂ්‍යයා ඔවුන්ට හොඳ අනාගතයක් අවශ්‍ය බව සිය කතාවේදී සඳහන් කළා. පසුගිය වසර දෙක තුන දෙස බැලු විට එම ඉල්ලීම ඉතා සාධාරණයි. අප එම අනාගතය ගොඩනඟා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සිතිය යුතුයි. රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ එහි පළමු අභියෝගය අප මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා. අපට පවතින ආර්ථක ක්‍රමය අනුව ඉදිරියට යන්න බැහැ. එවිට රටක් ලෙස අපට තවත් ණය වීමට සිදු වෙනවා. එසේ සිදුවුවහොත් මේ දරුවන් බලාපොරොත්තු වන අනාගතය ගොඩනැගීමට නොහැකි වෙනවා. ඒ වගේම තවත් වසර 15කින් අපට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. රටක් ලෙස ඉදිරියට යනවාද, නැවත ආර්ථික කඩා වැටීමට ඉඩ දෙනවාද කියා අප තීරණය කළ යුතුයි. මෙහි සිටින ඔබ අවම වශයෙන් තවත් අවුරුදු 50ක් පමණ ජීවත් වෙනවා. එසේ නම් අප ආණ්ඩුවක් ලෙස අවධානය යොමු කළ යුත්තේ වසර 2050 දෙස නොව වසර 2075 පිළිබඳවයි.
අපේ රටේ ආර්ථිකය ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන්නේ ඒ නිසයි. රටේ පවතින ආර්ථික ක්‍රමවේද වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් අප ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී කෘෂි නවීකරණ වැඩසටහන ඉතා වැදගත් වෙනවා. රටේ ආර්ථිකය යළි ඔසවා තැබීමට හැකි වුණේ මේ රටේ ගොවි ජනතාව නිසයි. ඔවුන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීමට අප කටයුතු කළා. ගොවි ජනතාව පසුගිය වගා කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමක් ලෙස අප උරුමය සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම කාර්යයේදී උතුරු මැද පළාතේ ගොවි ජනතාවගෙන්ද විශාල සේවාවක් ඉටු වුණා.
ඉදිරියේදී ලෝකයේ ජනගහණය තවත් බිලියන 02කින් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ 2050 වන විට බිලියන 02කට වැඩිපුර ආහාර දෙන්න වෙනවා. අපි නවීන තාක්ෂණය යොදවා උපරිම නිෂ්පාදනයක් සිදුකර ලෝකයට අවශ්‍ය ආහාර සපයාදීමට සූදානම් විය යුතුයි. මෙම වියළි කලාපයෙන් පමණක් අපට සහල්වලින් ස්වයංපෝෂිත විය හැකියි. ගොවි ජනතාවගේ අත මිට සරු වූ විට එම මුදල් මෙම අනුරාධපුරය, දඹුල්ල, වවුනියා ප්‍රදේශවලට ලැබෙනවා. එවිට එම නගර දියුණු වෙනවා. ඒ වගේම මෙම පළාත්වල සූර්ය බලශක්ති ව්‍යාපෘති මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි. ත්‍රිකුණාමල වරාය දියුණු කිරීමේ ව්‍යාපෘතිය අප ඉන්දියාව සමඟ එක්ව සිදු කරනවා. මෙහි ප්‍රතිලාභය මෙම අනුරාධපුරයට ද ලැබෙනවා.
ඒ වගේම අප නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරනවා. ඒ යටතේ නව තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ලැබෙනවා. එම තාක්ෂණ දැනුම ලබාදීමට විදේශ විශ්වවිද්‍යාල ඉදිරිපත් වී සිටිනවා. අප මේ අලුත් ගමන යා යුතුයි. ඔබ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමඟ ඉදිරියට යා යුතුයි. අනාගතය වෙත යාමේදී අප අලුතින් සිතිය යුතුයි. ඇතැම් දේශපාලනඥයන් සිතන්නේ අවුරුදු 05ක් බලයට එන්නේ කොහොමද කියලයි. නැත්නම් බලයේ ඉන්න කෙනා අයින් කරන්නේ කොහොමද කියා ඔවුන් සිතනවා. මෙම දේශපාලන ක්‍රමය නිසා අවසානයේ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ සමඟම මේ රටේ දේශපාලන ක්‍රමය ද බිඳ වැටුණා.
අසීරු කාලයක රට භාරගෙන සියලු දේශපාලන පක්ෂවල පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය ගොඩගැනීමට මට හැකි වුණා. ඒ අනුව මෙරට පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි කණ්ඩායමක් නිර්මාණය වුණා. එම ක්‍රමය අනාගතයටත් අවශ්‍යයි. කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළද රට ගැන සිතිය යුතුයි. අප රටක් ලෙස සාර්ථක වනවාද නැද්ද කියා තීරණය වන්නේ ඉදිරි වසර 05 තුළයි. ඒ නිසා අප අනාගතය දෙස අවධානය යොමු කරමින් කටයුතු කරමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.”