ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාව පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ජපානය අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙහි පළමු ස්ථානය ඇමරිකාව, දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජර්මනියට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Tag:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සුභදායක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට අත්කරගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පවතින ගිවිසුමේ පදනම වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කිරීම ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු ඇඟවීමක් සිදු කළා.
අද (27) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය මහා භයානක තත්ත්වයක් බවයි.