හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලි ලත්, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන එනු ලැබුවා.
දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
කලක් රෝගාතුරව පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය පසුගියදා (23) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතයි.
Tag: