එළැඹෙන ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම ප්රමුඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව ප්‍රකාශ කළා.
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේදී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවයි ඔහු කියා සිටියේ.