පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්ව තිබෙනවා.
මතුගම පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වීම සඳහා යමින් සිටියදී ගැලනිගම හුවමාරුව අසළදී මන්ත්රීවරයා මෙම අනතුරට මුහුණ පා තිබුණා.
කෙසේනමුත් මෙම අනතුරින් මන්ත්රීවරයාට තුවාල සිදුව නැහැ.