ප්රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර අද (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්රකාශ ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.
Tag:
දයාසිරි ජයසේකර
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර වැඩ භාරගෙන තිබෙනවා.
ඒ අද (05) පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී යි.
දයාසිරි ජයසේකර සිය පක්ෂ සාමාජිකයින් සමඟ මූලස්ථානයට පැමිණීමත් සමඟ කොළඹ, ඩාලි පාරේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.
අද උදෑසන සිටම කොළඹ ඩාලි පාර පුරාම පොලීසිය හා යුධ හමුදාව යොදවා ආරක්ෂාව තර කර ඇති අයුරු දැකගන්නට ලැබුණා.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අද (05) උදෑසන පක්ෂ මූලස්ථානයට එන ලෙස එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එහිදී පක්ෂ මූලස්ථානයේ යම් කලබලකාරී තත්ත්වයක් ඇති වේ යැයි සලකා මෙලෙස ඩාලි පාර පුරා පොලිසිය හා යුද හමුදාව යොදවා ආරක්ෂාව තර කර තිබෙනවා.