තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා පැවසුවා.
අද (05) කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීරණයකට එළඹිය යුතු බවත් මන්ත්රීවරයා එහිදී අවධාරණය කළා.