ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා බලඇණිය තව දුරටත් පුළුල් කරමින් A330-200 පුළුල් බද සහිත යානය අද (04) දිවයිනට පැමිණියා.
මෙම යානය අද (04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට පැමිණි අතර ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කරනු ලැබුවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර 7 කට පසු ලබාගත් මුල්ම Wide-body වර්ගයේ ගුවන් යානය මෙය වීම විශේෂත්වයක්.
මෙම ගුවන් යානයත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Tag:
ප්‍රංශය
ප්‍රංශයේ නිදහස් දිනය අදට (14) යෙදී තිබෙනවා.
බැස්ටීල් දිනය නමින් හඳුන්වනු ලබන ප්‍රංශ නිදහස් දිනය සෑම වසරකම ජූලි 14 වන දිනට යෙදී තිබෙනවා.
ප්‍රංශ විප්ලවය සිදුවූ 1789 ජූලි 14 වැනිදා එවකට පාලකයා වූ 16 වැනි ලූවී රජු හා “පාන් නැත්නම් කේක් කාපන්” යැයි 17 වන සියවසේ ආන්දෝලනාත්මක කථාවක් කළ ඔහුගේ බිරිඳ වූ මාරි ඇන්තුවානෙට් රජ බිසව අත්අඩංගුවට ගෙන රජ පාලනයෙන් මිදී ප්‍රංශ ජනතාව නිදහස් ප්රංශයක් දිනා ගැනීම වෙනුවෙන් කළ සටන සිහිපත් කරමින් අද දිනයේදී ප්‍රංශය පුරා විවිධ උත්සව, සංශර්ශන රැසක් පවත්වනු ලබනවා.