ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වී ඇති බව වාර්තා වනවා.
ඔහු මේ පිළිබඳව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැනුම් දී තිබෙනවා.
තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතු කිහිපයක් මත මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ.
ඒ අනුව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සිය වගකීම යටතේ පැවතුණු ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතනවලින් ඉවත් වීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.