වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාරගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තබා තිබෙනවා.
කඩුවෙල පොලීසිය පැවසුවේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙලෙස නිල මැදිරිය මුද්‍රා තබා ඇති බවයි.
කෙසේනමුත් ලබන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාරට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති අතර මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
චාණිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අනුකූලවයි මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා ඇත්තේ.
මීට සුළු මොහොතකට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළදීයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මිටියකින් ගසා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසු වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා එම ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔහු විවාහක කාන්තාවගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදී කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් නිවසේ සැඟව සිට මිටියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඊයේ (27) රාත්‍රියේ වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබුණා.
ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
පසුගියදා ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස තිබී හමු වු බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ බිළිඳිය උපන් විගස වයරකින් ගෙල සිර කර මෙම ඝාතනය කර ඇති බවයි.
ඉකුත් 10 වැනිදා එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයකින් දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව විසින් පරීක්ෂා කර බැලීමේදි ත්‍රීරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක තිබී මෙම බිළිඳියගේ සිරුර හමුවී තිබුණා.
සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ එය මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවයි.
ඒ අනුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙලොව එළිය දුටු බිළිඳිය මරා දැමූ බව ඇය පවසා තිබෙනවා.
තමන් සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළිඳිය මෙලොවට බිහි වූ බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළිඳියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමඟ ආගරපතන ප්‍රදේශයට පැමිණි බවයි සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද ඊට පෙර ත්‍රිරෝද රථ රියදුරාගේ මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වූ බවයි ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකාර රියදුරා අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බන්ධනාගාරගත වූ රැඳවියන් 362 ක් අද (12) දිනයේදී නිදහස් කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෑසුවේ අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 දෙනෙක් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කරන බවයි.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමනු ලබනවා.
මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන ඉන්ධන දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්‍රමාදයන් වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (20) පිළියන්දල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක්.
තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් 17 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ මව චෝදනා කරන්නේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමටද උත්සාහ කළ බවයි.
තණමල්විල ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එම සිසුවා, මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර ඇති බවයි විමර්ශවලදී අනාවරණය වී ඇථ්තේ.
අනතුරුව එම නිවෙසේ සිටි තවත් සිසුන් කිහිපදෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය හා දූෂණය කර එය වීඩියෝගත කර තිබෙනවා.
එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
දැරිය අපයෝජනය කිරීම සඳහා එම පාසලේම සිසුන් 17 දෙනෙක් එක් වී තිබෙනවා.
පසුගියදා කිරිඳි ඔය අසලදී ද මෙම දැරිය අදාළ සිසුන් කිහිපදෙනා සමූහ ශූෂණයට ලක් කර තිබෙනවා.
එම අවස්ඨ්Hආවේදී ද මෙම සිසුනෙය වීඩියෝගත කර තිබූ අතර පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබූ බවයි වාර්තා වන්නේ.
විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාළ සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක් ද සැකකරුවන් අතර සිටීම සහ එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වීම හේතුවෙන් සිද්ධිය විදුහල්පතිවරයා විසින් යට ගසා තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අපයෝජනයට ලක් වූ දැරිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණ විය.
මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරගවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට හා දූෂණයට ලක් කර තිබෙන බවයි දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.
සිද්ධිය යටපත් කළ විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17 දෙනෙක් සහ ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙසයි.
ඊට අමතරව තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.