හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණයෙන් තමාට නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිවයි.
2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම වුණා.
මහින්දානන්ද අලුත්ගමගේ
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට වසර 25ක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (29) නියෝග කළා.
ඒ 2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරමින්.
විත්තිකරුවන්ට එරෙහිව කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය දෙනු ලැබුවා.
නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කරනු ලැබුවා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.