මර්දන නීතිවලට එරෙහිව සටන් කළා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවයි.
පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මුලින්ම පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මෙම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කළේ.
Tag: